ගිවිසුම් කඩමින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කළාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි – මුදල් වාර්තාවල සටහන් නැතැයි විගණකාධිපති කියයි

ජපාන රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් ගිවිසුම් ඒක පාර්ශවිකව උල්ලංඝනය කරමින් අවලංගු කිරීම  හේතුවෙන් රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදුව ඇත.

වාර්ෂිකව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කරනු ලබන රජයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් මේ බව හෙළි කොට ඇත.

අදාළ ව්‍යාපෘතියේ උපදේශන සේවා සිදු කළ ජපන් සමාගමට එම සේවා සඳහා රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි එම විගණකාධිපති වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් එම මුදල පසුගිය වසරේ රජයේ මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කර නැති බව ද විගණකාධිපතිවරයා හෙළි කර තිබේ.

ජපාන සැහැල්ලු ණය යටතේ කිරීම අවලංගු කළ එම ව්‍යාපෘති පෞද්ගලික සමාගම් සමග එක්ව ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කොට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *