පොල් ටේප් ගැසට්ටුවත් රිවස් !

පොල් ගෙඩියේ වටප්‍රමාණය අනුව මිල පාලනයක් නියම කරමින් නිකුත් කොට තිබු ගැසට් නිවේදනය අහෝසි කිරීමේ ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය ඊයේ නිකුත් කොට ඇත.

ඒ අනුව මින් ඉදිරියට පොල් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වන්නේ නැත.

පාලන මිල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දිවයිනේ පොල් හිගයක් පැවතී අතර පාලන මිලට පොල් ලබාගත නොහැකි විය. පාලන මිලට ඇතැම් වෙළෙඳසල් වල අලෙවි වුයේ ගුණාත්මක භාවයෙන් තොර පොල් ය.

දැන් එම මිල පාලනය නිල වශයෙන් ඉවත් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *