රජයට එරෙහිව කුමන්ත්‍රණය කළයි වෛද්‍ය පාදෙණිය චෝදනා කළ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

කොවිඩ් දත්ත සැඟවීම සහ විකෘති කිරීම පිළිබඳ චෝදනා එල්ල කරමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙණිය මහතා ජනාධිපතිවරයා ඉදිරියේ ම චෝදනා කොට තිබුණේ වසංගත රෝග අංශයේ ප්‍රධානීන් තිදෙනෙකු රජයට එරෙහිව කුමන්ත්‍රණයක නියැලී සිටින බව යි.

ඒ අනුව, වහා ම ස්ථාන මාරු කොට ඇති සුදත් සමරවීර මහතා  ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර යවා ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා වශයෙන් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතාව පත්කර තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *