අද තවත් කොවිඩ් මරණ 55 ක් ; නව ආසාදිතයින් 2327 ක්

ඊයේ දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 55 ක් සිදු වී ඇති බව රජය අද නිවේදනය කළේ ය .

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2480 ක් වෙයි.

කොවිඩ් ආසාදිතයින් 2327 ක් අද දිනයේ ද අලුතින් හඳුනාගත් බව රජය නිවේදනය කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 235,391 ක් වශයෙනි.

මේ අතර කොවිඩ් මරණ සංඛ්‍යා ලබා දීමේ වැරදි ගැන ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද දෝෂාරෝපණය කළේ ය. කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ කියන්නේ මෙම සංඛ්‍යා සැකසීමේ වගකීම දරන්නේ කොවිඩ් පාලනයේ සම්පුර්ණ වගකීම ජනාධිපති තුමා විසින් භාර දී ඇති යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහු යටතේ ක්‍රියාත්මක හමුදා කණ්ඩායමක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *