ශානිගේ නඩුවේ නාටකීය අවස්ථා – අනුර සූරියබණ්ඩාර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට සහ ඔහු සමඟ රදවා සිටි උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට ඇප ලබාදීමට ජූනි 16 දා අභියාචනාධිකරණය විසින් නියෝග කෙරිණ .ඒ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න  සහ ආර් . ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි . ශානි සහ සුගත් නිදහස් කෙරුණේ , රුපියල් 25000/- බැගින් මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මතය .

ශානිට ඇප ලැබෙන විට ඔහු මාස 10 ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව ගතකර තිබුණි .කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු ශානි මාස දහයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ ඔහු හෘද රෝග තක්වයකින් පෙලෙන බව සහ ඔහුට හෘද සැත්කමක් කළයුතු බවට වෛද්‍ය උපදෙස්ද ලැබී තිබුණු තත්වයක් යටතේ බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණකි . අත්අඩංගුවට ගැනීමේදී මෙන්ම රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටියදී ශානි සම්බන්ධයෙන් අනුගමනය කෙරුණේ වෛරී සහ පළිගැනීමේ චේතනාවෙන් යුතු පිළිවෙතක් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණ .නිදසුනක් වශයෙන් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී ශානි මහතාට කොවිඩ් වැලඳුණු පසුව ප්‍රතිකාර සඳහා ඔහු අයි . ඩී . එච් . රෝහලට යොමු කෙරුණේ , ජාතික මානව හිමිකම් කොමිසම  බන්ධනාගාර කොමසාරිස්වරයාට දෙවතාවක්ම සිහිකැඳවීම් කළ පසුවය .

අත්අඩංගුවට ගැනීමේදී මෙන්ම රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටියදී ශානි සම්බන්ධයෙන් අනුගමනය කෙරුණේ වෛරී සහ පළිගැනීමේ චේතනාවෙන් යුතු පිළිවෙතක් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණ .නිදසුනක් වශයෙන් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී ශානි මහතාට කොවිඩ් වැලඳුණු පසුව ප්‍රතිකාර සඳහා ඔහු අයි . ඩී . එච් . රෝහලට යොමු කෙරුණේ , ජාතික මානව හිමිකම් කොමිසම  බන්ධනාගාර කොමසාරිස්වරයාට දෙවතාවක්ම සිහිකැඳවීම් කළ පසුවය . 

ශානි සමඟ ඇප නියම වූ හිටපු රහස් පරීක්ෂක උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා , ශානි කොටුවන ආකාරයට සාක්ෂි දෙන ලෙස තමාට කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරියකු බලපෑම් කළ බවට ගම්පහ මහේස්ත්‍රාත් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කළ බව මාධ්‍යවල පළවිය .සුගත් මෙන්ඩිස් මහතාගේ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණයට කියා තිබුණේ , කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් නමැත්තා සුගත් මෙන්ඩිස් මහතාට බලපෑම් කළ බවය . උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගැනුණේ , ශානි මහතාට එරෙහිව ව්‍යාජ සාක්ෂි ලබා දෙන ලෙසට කළ බලපෑම් ප්‍රතික්ෂේප කළ නිසා බව ඇමිනෙස්ටි ජාත්‍යන්තරයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ පර්යේෂිකා නීතිවේදිනී ත්‍යාගි රුවන්පතිරණද සඳහන් කර තිබුණි .මෙරට බලධාරින් ශානි මහතාගෙන් මෙන්ම ඔහුට විරුද්ධව ව්‍යාජ සාක්ෂි සැපයීම ප්‍රතික්ෂේප කළ සුගත් මහතාගෙන්ද එක ආකාරයට පළිගත් බව පෙනෙන්නේ , සුගත් මහතාට කොරෝනා රෝගය වැළඳුණු අවස්ථාවේ ඔහුටද වෛද්‍ය ප්‍රතිකාර හෝ  ඖෂධ ලබා නොදීම හේතුවෙනි.

ශානි මහතට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් ගොනු කරන්නැයි පොලිස් නිලධාරියකු ලෙස හඳුන්වාගත් තැනැත්තකු තමාගෙන් ඉල්ලීමක් කළ බව ස්විඩීනයේ පදිංචි ශ්‍රී ලාංකික කතක වන චාමලී මදනායක බී බී සී සිංහල සේවයට වරක් පවසා තිබිණ . ඇයට ඇමතුම ගත් දුරකතන අංකය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අයත් වන්නක් බවද පැවසිණ .සියල්ලෙන් පැහැදිලි වන්නේ ශානි මහතා කොටුකිරීම සඳහා වන දැවැන්ත සහ සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබුණේය යන්නය .

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්ව සතියක් ඇතුළත  එතෙක් ශානි මහතා දැරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත්කර ඔහු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත්කරනු ලැබිණ . එම ස්ථාන මාරුව පැහැදිලි ලෙසම ශානි මහතා සේවයෙන් පහත හෙළීමක් ද විය .

ශානි මහතා යනු මෙරට කීර්තිමත් සහ අවංක රහස් පරීක්ෂකයෙකිය යනුවෙන් ජනතාව අතර පිළිගැනීමක් තිබේ .වසීම් තාජුදීන් ඝාතනය , තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම , භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය , ලසන්ත වික්‍රමතුංග ඝාතනය , රතුපස්වල වෙඩිතැබීම ආදිය පරීක්ෂා කෙරුණේ ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේය . රෝයල් පාර්ක් ඝාතනය , අඟුලාන ද්විත්ව මිනීමැරුම , උඩතලවින්න ඝාතනය , මොහමඩ් ෂියාම් ඝාතනය ආදියෙහි විමර්ශන කටයුතු වලද නියැලි ශානිගේ  ස්ථාන මාරුව වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද ඔහුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ කෙරෙමින් පැවතිණ .

ශානි මහතා අත්අඩංගුවට ගනු ලැබුණේ මොහමඩ් ෂියාම් ඝාතන පරීක්ෂණයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට අයත් බව පවසා නඩුවට ආයුධ වංචනික ලෙස ඉදිරිපත් කළේය යන චෝදනාව මතය .එහෙත් අභියාචනාධිකරණය පෙන්වාදී ඇත්තේ එම අවි තමන්ට අයත් බව වාස් ගුණවර්ධන මහතාම පිළිගෙන ඇති බවය .ශානි මහතාට එරෙහිව සිදුකර ඇත්තේ ගොතන ලද තකාවක් මත ක්‍රියා කිරීමක් බව ඔහුට ඇප නියම කෙරුණු අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් බවද පැවසේ .පොලිසිය තමන්ගේම උසස් නිලධාරියකුට එරෙහිව ගොතන ලද කතාවක් මත පියවර ගෙන ඇති බවත් , එය ඔහු කොටු කිරීමට හිතාමතා සැලසුම් කරන ලද්දක් බවත් නඩු තීන්දුවෙන් පෙන්වාදී තිබේ .

ශානි මහතාට එරෙහිව සිදුකර ඇත්තේ ගොතන ලද තකාවක් මත ක්‍රියා කිරීමක් බව ඔහුට ඇප නියම කෙරුණු අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් බවද පැවසේ .පොලිසිය තමන්ගේම උසස් නිලධාරියකුට එරෙහිව ගොතන ලද කතාවක් මත පියවර ගෙන ඇති බවත් , එය ඔහු කොටු කිරීමට හිතාමතා සැලසුම් කරන ලද්දක් බවත් නඩු තීන්දුවෙන් පෙන්වාදී තිබේ .

ඒ අනුව පෙනීයන්නේ නොකළ වරදකට කොටුකර ශානි මහතා අසීරුතාවට පත්කිරීමේ සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක් දියත්වී තිබුණු බවය . ඊට හේතුව වශයෙන් උපකල්පනය කළ හැක්කේ ,වසීම් තාජුදීන් ඝාතනය , තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම , භාරත ලක්ෂ්මන් ඝාතනය , ලසන්ත වික්‍රමතුංග ඝාතනය , රතුපස්වල වෙඩිතැබීම ආදියෙහි අපරාධ පරීක්ෂණ ශානි මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවීම සහ එකී සිද්ධි සම්බන්ධව සමාජයේ ප්‍රබල පුද්ගලයන්ගේ නම් ඈඳී තිබීමය . ඔහුගේ පරීක්ෂණ සම්බන්ධව ජනතාව තුළ විචිකිච්චාවක් ඇති කොට ඒවා සම්බන්ධව ජනතා විශ්වාසය බිඳ දැමීමට අවශ්‍ය  පිරිසකගේ ක්‍රියාවක් ලෙස ශානි මහතාට එරෙහිව ගැනුණු පියවර හඳුනා ගත හැකිය .කවර හේතුවක් මත සිදුකෙරුණා වුවද ශානි මහතා අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර වශයෙන් මෙරට මානව හිමිකම් කැරැට්ටුවට කළු පැල්ලමක් එක් කළ බව පැහැදිලි වන්නේ ,  පසුගියදා සම්මත වූ යුරෝපා සංගමයේ යෝජනාවේත් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තැබීම සම්බන්ධව සඳහන් වූ බැවිනි .ශානි මහතාට ඇප ලැබීම පිටුපස ජී එස් පී සහනය නොලැබී යාමේ බිය පවතින බවට මත පළවීම⁣ට හේතු වන්නේ ද එයයි.ශානි මහතාට ඇප ලබාදීම මගින් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පිල්ලයාන් මහතාට ඇප ලැබීම , මූල්‍ය වංචා චෝදනා යටතේ නඩු පැවරුණු බැසිල් රාජපක්ෂ මහතාට විදෙස් ගමන් සහනය ලැබීම වැනි හේතු මත බිඳවැටුණ මෙරට අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය යම් දුරකට තහවුරු වන අතරම එමගින් මෙරට අධිකරණ පද්ධතිය තමන්ගේ ඕනෑ එපාකම් අනුව හසුරුවන්න⁣ට බලාපොරොත්තු වන පිරිසක් ඇතොත් ඔවුනට බලගතු පහරක්ද එල්ලවී තිබේ .දේශපාලන අවශ්‍යතා සපුරාගැනීමට අධිකරණ පද්ධතියත් පොලීසියත් භාවිතා කළ අවස්ථා මෙරට ඉතිහාසයේ කොතෙකුත් තිබේ .ශානිගේ සිද්ධියද ඒ අතුරින් එකකි .එහෙත් එවැනි දේ රටක ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මට හිතකර නොවන බව පාලකයන් කෙසේ වුව ජනතාව මැනැවින් වටහා ගත යුතුය .

  අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *