ඇප කොන්දේසි සම්පුර්ණ කළ ශානි සහ සුගත් මුදාහරින්න මහාධිකරණය නියෝග කරයි

අභියාචනාධිකරණයෙන් ඇප නියම වුව ද ඇප කොන්දේසි සම්පුර්ණ කොට නැතැයි 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා බන්ධනාගාරයෙන් මුදාහරින ලෙස ගම්පහ මහාධිකරණය අද නියෝග කොට ඇත.

අදාළ ඇප කොන්දේසි සම්පුර්ණ කොට තිබීම නිසා මෙම නියගය ලබා දී තිබිණි.

ශානි අබේසේකර මහතා වෙනුවෙන් සහෝදරයින් දෙදෙනකු සහ සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් බිරිඳ සහ දරුවෙකු ඇප කරුවන් ලෙස ඉදිරිපත්ව ඇත. ඊට අමතර වශයෙන් රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද තැන්පත් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *