එජාප නව මන්ත්‍රීවරුන් දිවුරුම් දීම 22 දා සිරිකොත දී – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර


සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද පළාත් පාලන මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකු වෙනුවට පත් කළ මන්ත්‍රීවරුන් ලබන 22දා දිවුරුම් දීමට නියමිතව ඇතැයි පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

පක්ෂය විසින් නම් කළ නවක මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයිද මහ ලේකම්වරයා කීය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරෙයි.

සමගි ජන බලවෙිගයට සහය දැක්වූ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීම වළක්වන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඒ වෙනුවට නවක මන්ත්‍රීවරුන්ට මෙලෙස පත්වීම් ලබාදෙන බව එජාප මහ ලේකම්වරයා කීය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *