ඇප ලැබුණු ශානි ඇප නැතිව යලි රිමාන්ඩ් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුලු සැකකරුවන් දෙදෙනා ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ අභියාචනාධිකරණ ඇප කොන්දේසි ඇතුලත් තීන්දුව ලිඛිතව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට  නොලැබීම හේතුවෙනි.

මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද පෙරවරුවේ නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *