හිටපු සී අයි ඩී අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහි චෝදනා ගොතන ලද බොරු – අභියාචනාධිකරණ ශානිට ඇප දෙන තීන්දුවෙන් කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව සිදු කොට ඇත්තේ ගොතන ලද කතාවක් මත ක්‍රියා කිරීමක් බව ඔහුට ඇප නියම කරමින් අභියාචනාධිකරණය ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් බව වාර්තා වෙයි.

පොලිසිය තමන්ගේ ම උසස් නිලධාරියෙකුට එරෙහිව ගොතන ලද කතාවක් මත පියවර ගෙන ඇති බවත්, මෙය ඔහු  කොටු කිරීමට හිතා මතා සැලසුම් කරන ලද්දක් බව පෙනී යන බවත්, ඉහත නඩු තීන්දුවේ වැඩි දුරටත් නදහන් කොට ඇත.

අත් අඩංගුවට ගෙන ඇප නොදී මාස දහයක් තිස්සේ රඳවාගෙන සිටි රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි  අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබු ඇප අයදුම්පතේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ විනිස්චයකරවරුන් දෙපල ලබාදුන් පිටු 14 කින් යුත් නඩු තීන්දුවේ මෙම කරුණු සඳහන් කොට තිබේ.

2013 වාසරේ සිදු වූ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන පරීක්ෂණයේ දී , හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්දන මහතාට අයත් බව කියමින් නඩුවට ආයුධ වංචනික ලෙස ඉදිරිපත් කළේ  යැයි මෙහි දී ශානි  අබේසේකර මහතාට චෝදනා කොට ඇතත්, එම ආයුධ තමන්ට අයිති බව වාස් ගුණවර්ධන මහතා විසින් ම පිළිගෙන ඇති බව අධිකරණය පෙන්වා දී තිබේ.

මෙහි පැමිණිලි කරුවන්ගේ ප්‍රකශ ඔවුන්ගේ මුල් ප්‍රකාශ සමග පරස්පර බවත්, ඒවා පිළිගත නොහැකි බවත් තීන්දුවේ වැඩි දුරටත් සඳහන් ය.

ශානි  අබේසේකර මහතා අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම යුරෝපා සංගමයේ පසුගියදා සම්මත වූ යෝජනාවේ ද සඳහන් වූ චෝදනාවකි.

සමාජයේ ප්‍රබල පුද්ගලයින්ට එරෙහි පරීක්ෂණ රාශියක් සාර්ථකව මෙහෙයවා ඇති ශානි අබේසේකර මහතාට හිරිහැර  කිරීමට සහ ඔහුගේ පරීක්ෂණ ගැන විශ්වාසය බිඳ දැමීමට ඔහුගේ පරීක්ෂණ මගින් හෙළි වූ අපරාධවල වගකිව යුත්තන්ට අවශ්‍යව තිබු බව පැහැදිලි කාරණයකි.

අභියාචනාධිකරණයේ තීන්දුව එම පිරිසට එල්ල වූ ඇතුල් පහරක් බඳු ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *