අවජාතක තෙල් මිල සූත්තර – අනුර සූරියබණ්ඩාර

ඛනිජ තෙල් මිල ඉහළ නැංවීම මේවන විට ආණ්ඩුවට බරපතළ ආකාරයට බලපා ඇති බව පෙනෙන්නට තිබේ . ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙහි මහ ලේකම් වරයා උත්සාහ කළේ තෙල් මිල ඉහළ යාමේ වගකීම ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල මත පටවා ආණ්ඩුවේ දෝශ සෝදා හරින්නට වුවත් , ගම්මන්පිල විසින් මිල ඉහළ දැමීමේ පට්ටන්දරය මුල සිට අගට දිගහැරීම හේතුවෙන් ආණ්ඩුවට කටඋත්තර නැති තත්වයක් උදාවී ඇති බව පැහැදිලිය . දැන් බලන විට පෙනීයන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට පියකු නැති තත්වයකි . ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නන් පවා තෙල් මිල ඉහළ දැමීමට විරුද්ධය .ගැටලුව වන්නේ ඔවුන්ගේ ඒ විරෝධතා වචන වලට පමණක් සීමාවීමය .

මේ ආණ්ඩුව බලයට පත්වූයේ පැවැති යහපාලන ආණ්ඩුවේ තෙල් මිල සූත්‍රය පතුරු ගසමිනි . වත්මන් ආණ්ඩුව බලයට පත් වු වහාම තෙල් මිල සූත්‍රය අහෝසි කරනු ලැබුවේ මිල සූත්‍රයේ ග්‍රහණයෙන් ජනතාව මුදා ගන්නේයැයි වහසි බස් දොඩමිනි . කෙසේ වුව ද, මිල සූත්‍රය ඉවත දැමීමෙන් ජනතාවට සිදුවූ යහපතක් නැත . 2020 අප්‍රේල් මාසයෙන් පටන් ගෙන වසරක පමණ කාලයක් තිස්සේ ලෝක වෙළඳ පොළෙහි ඛනිජ තෙල් මිල පහළ බසින විට  මිල සූත්‍රය පැවැතියේ නම් ඒ වාසිය ජනතාවට ලැබෙන්නට තිබුණි . නමුත් වත්මන් ආණ්ඩුව ලෝක වෙ⁣ළඳ පොළෙහි ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබා දුන්නේ නැත .ඒ අවස්ථාවේ ⁣ආණ්ඩුව පවසනු ලැබුවේ ලෝක වෙළඳ පොළෙහි ඛනිජ තෙල් මිල ඉහළ යන විට ජනතාවට සහන ලබා දීම සඳහා වන අරමුදලකට එසේ ලබන ලාභය යොදවන බවය .නමුත් මේවන විට අරමුදලත් නැත අරමුදලෙන් ලැබුණු සහනයකුත් නැත . ඒ වෙනුවට පෙට්‍රල් , ඩීසල් , භූමි තෙල් ඇතුළු සියලුම ඉන්ධන වර්ග රුපියල් 23 ත් රුපියල් 07ත් අතර ප්‍රමාණයකින් ඉහළ නංවා තිබේ . හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් සටහනක් තබමින් පවසා තිබුණේ , 2020 අප්‍රේල් සිට වසරක පමණ කාලයක් ලෝක වෙළඳ පොළෙහි ⁣ඉන්ධන මිල පහළ යාමේදී මෙරට මිල අඩු නොවීම හේතුවෙන් මෙරට ජනතාවට ලැබිය යුතුව පැවැති අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක අහිමිව ගිය බවය .

ඉන්ධන මිල ඉහළ දැමීම සාධාරණීකරණය කිරීම සඳහා ආණ්ඩුව ආර්ථිකය ස්ථායී කිරීම ඩොලර් පිරිමසා ගැනීම , බැංකු පොලී ආදී කරුණු රැසක් ඉදිරිපත් කර තිබේ . එහෙත් ඒ කරුණු කිසිවකින් හෝ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව මත පැටවුණු බර සැහැල්ලු වන්නේ නැත .ධීවරයන් , ගොවියන් , වතු කම්කරුවන් රජයේ ⁣සහ පෞද්ගලික අංශ⁣වල සේවකයන් පමණක් නොව සාමාන්‍ය ජනතාව සැම දෙනකුටම ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් බලගතු පහරක් එල්ලවී තිබේ . බේකරි හිමියන් පවසන්නේ බනිස්, මාළු පාන් වැනි කෑම වර්ග සියල්ලෙහිම මිල ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉහළ නැංවීමට සිදුවන බවය . බස් ගාස්තු ඉහළ නැංවිය යුතුයැයි බස් හිමියෝ පවසති .ත්‍රීවීල් රථ ගාස්තුද ඉහළ නැංවෙනු ඇත . එදිනෙදා අවශ්‍ය ආහාර ඇතුළු සියල්ලෙහිම මිල ඉන්ධන මිලට සාපේක්ෂව ඉහළ යාමට නියමිත බව ඒ අනුව පැහැදිලිය .

ඉන්ධන මිල ඉහළ දැමීම සාධාරණීකරණය කිරීම සඳහා ආණ්ඩුව ආර්ථිකය ස්ථායී කිරීම ඩොලර් පිරිමසා ගැනීම , බැංකු පොලී ආදී කරුණු රැසක් ඉදිරිපත් කර තිබේ . එහෙත් ඒ කරුණු කිසිවකින් හෝ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව මත පැටවුණු බර සැහැල්ලු වන්නේ නැත .ධීවරයන් , ගොවියන් , වතු කම්කරුවන් රජයේ ⁣සහ පෞද්ගලික අංශ⁣වල සේවකයන් පමණක් නොව සාමාන්‍ය ජනතාව සැම දෙනකුටම ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් බලගතු පහරක් එල්ලවී තිබේ .

මේ වනාහී ජනතාව අතිශය අසීරුතා මැද දිවි ගෙවන කාලයකි . කොරෝනා වසංගතය හේතුවෙන් සියල්ලන්ගේම ආදායම් මාර්ග ඇහිරී තිබේ . පෞද්ගලික අංශයේ ඇතැම් සේවකයනට කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී ඇත . රැකියාවන්හි නියුතුව සිටින අයට වුව අතීකාල , ප්‍රසාද දීමනා ආදිය ලැබෙන්නේ නැත .අතීකාල දීමනා ප්‍රසාද දීමනා නොලැබුණා වුවද විදුලි බිල් , ජල බිල් , නිවාස කුලී බැංකු ණය ආදිය ගෙවන්නට සිදුවේ .මේ වන විට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බැවින් බොහෝ දෙනකු රැකියාවලට යන්නේ තමන්ගේ වාහන වලිනි එවැනි තැනැත්තන්ට වැඩිවූ ඉන්ධන මිල තවත් අමතර බරකි .

ආණ්ඩුව කියන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව පියවා ගැනීම ඉන්ධන මිල ඉහළ දැමීමේ එක් අරමුණක් බවයි .එහිදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ , ඛනිජ තෙල් සංස්ථාවේ අලාභයක් වෙත්නම් ඊට වගකිව යුත්තේ ජනතාවද නැතිනම් පවතින පැවැති සියලු ආණ්ඩු විසින් පත්කරනු ලැබූ කළමනාකාරිත්වයද යන්නය .රට නංවන වැඩ පිළිවෙළක් අතේ ඇතැයි කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවද පාඩු ලබන ආයතන ලාබ ලබන තත්වයට පත්කරනවා වෙනුවට පරණ තැටියම වාදනය කරමින් ජනතාවගේ කරපිට බර පටවා ප්‍රශ්න විසඳන්නට උත්සාහ කිරීම අනුමත කළ නොහැකිය .අනෙක් කරුණ වන්නේ කිසිම දිනෙක ඛනිජ තෙල් සංස්ථාව තමන් ආනයනය කළ මිලට වඩා අඩුවෙන් ජනතාවට ඉන්ධන සපයා නොතිබීමය . ඛනිජ තෙල් සංස්ථාව මෙතෙක් ව්‍යාපාරය කර ඇත්තේ ලාබ තබා ගනිමින් නම් ඔවුන් ගේ පාඩුව ජනතාව මත පැටවීම සාධාරණ නැත . හේතුව ලෝක ⁣ඉන්ධන මිල පහළ යාමේ වාසිය පවා ඔවුන් ජනතාවට ලබා නොදුන් නිසාය . අනෙක් කරුණ වන්නේ , ඛනිජ තෙල් සංස්ථාවේ මිලටම ඉන්ධන අලෙවිකරණ අයි . ඕ.සී සමාගම ලාබදායීව ව්‍යාපාරය කරගෙන යද්දී ඛනිජතෙල් සංස්ථාව පාඩු ලබන්නේ මන්ද යන්නය . ඛනිජ තෙල් ඇමැතිවරයා ගෙදර යා යුත්තේ තෙල් මිල ඉහළ දැමීම හේතුවෙන් නොව සංස්ථාව ගොඩගන්නට අසමත් වීම නිසාය .

.රට නංවන වැඩ පිළිවෙළක් අතේ ඇතැයි කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවද පාඩු ලබන ආයතන ලාබ ලබන තත්වයට පත්කරනවා වෙනුවට පරණ තැටියම වාදනය කරමින් ජනතාවගේ කරපිට බර පටවා ප්‍රශ්න විසඳන්නට උත්සාහ කිරීම අනුමත කළ නොහැකිය .අනෙක් කරුණ වන්නේ කිසිම දිනෙක ඛනිජ තෙල් සංස්ථාව තමන් ආනයනය කළ මිලට වඩා අඩුවෙන් ජනතාවට ඉන්ධන සපයා නොතිබීමය . ඛනිජ තෙල් සංස්ථාව මෙතෙක් ව්‍යාපාරය කර ඇත්තේ ලාබ තබා ගනිමින් නම් ඔවුන් ගේ පාඩුව ජනතාව මත පැටවීම සාධාරණ නැත .

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ ජනතාවගේ කුසගින්න ගැන කියමිනි .පසුගිය ආණ්ඩුවේ බදු බර ගැන කියමිනි .එසේ බලයට පැමිණි ආණ්ඩුව බදු බර අඩුකළේය ; එහෙත් ඒ ජනතාවගේ නොව ජාවාරම්කාරයන්ගේය . ආණ්ඩුව අඩු කළ බදු වලින් ජනතාවට අංශුමාත්‍රයක සහනයක් ලැබුණේ නැත . බඩු මිල සතයකින් වත් අඩුවූයේ නැත . නිදසුනක් වශයෙන් කිලෝවකට රුපියල් පනහක්ව පැවැති  සීනි ආනයන බද්ද කිලෝවට සත විසිපහ දක්වා අඩුකිරීමෙන් ආණ්ඩුව අහිමි කරගත් මුදල රුපියල් බිලියන 15 කි .එම මුදල ආණ්ඩුවට ලැබී තිබුණේ නම් ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව පියවා ගන්නට හැකිවන්නට තිබුණි .

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ ජනතාවගේ කුසගින්න ගැන කියමිනි .පසුගිය ආණ්ඩුවේ බදු බර ගැන කියමිනි .එසේ බලයට පැමිණි ආණ්ඩුව බදු බර අඩුකළේය ; එහෙත් ඒ ජනතාවගේ නොව ජාවාරම්කාරයන්ගේය . ආණ්ඩුව අඩු කළ බදු වලින් ජනතාවට අංශුමාත්‍රයක සහනයක් ලැබුණේ නැත . බඩු මිල සතයකින් වත් අඩුවූයේ නැත

ඩොලර් හිගබව කියමින් ඉන්ධන මිල නංවන නමුත් ආණ්ඩුව සුඛෝප⁣භෝගී වාහන 399 ක් ගෙන්වීමට පසුබට වන්නේද නැත . ඒ අනුව පෙනෙන්නේ ආණ්ඩුවේ ජනතාවාදය කටේ  ඇති නමුත් ඔවුන් සැබැවින්ම පෙනී සිටින්නේ තෝරා ගත ව්‍යාපාරිකයන් පිරිසක් සහ මැති ඇමතිවරුන් වෙනුවෙන් පමණක් වන බවය .වරද ඇත්තේ ආණ්ඩුවේ නොවේ . පසුගිය රාජපක්ෂ ආණ්ඩුව තෙල්මිල සහන ඉල්ලූ ධීවරයනට සැලකූ ආකාරයත් , අධිකරණ තීන්දුවක් හමුවේත් ඉන්ධන මිල අඩු නොකළ ආකාරයත් අමතක කරන ලද හැටනම ලක්ෂයේය.

අනුර සූරියබණ්ඩාර

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *