ඔන්ලයින් හරහා මැත්පැන් බෙදන්න මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබෙයි ; අද සවස සිට ක්‍රියාත්මකයි !

අන්තර් ජාලය ඔස්සේ ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට මත්පැන් ඇණවුම් කර නිවෙස්වලට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාතයංශයේ ඇනුමැතිය ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙලෙස මත්පැන් බෙදා හැරීමට අවසර දෙන ලෙස දිවයිනේ ප්‍රධාන මත්පැන් අලෙවි සමාගම් ගණනාවක් ඉල්ලීම් කර තිබු බව වාර්තා වෙයි.

මේ වනවිට දිවයිනේ සියලු මත්පැන් අලෙවි සල් වසා දමා ඇති අතර මත්පැන් ලබාගත හැක්කේ සංචාරක හෝටල් වල දී පමණකි. ධනවතුන් සහ රජයේ ඉහල නිලධාරීන් එලෙස මත්පැන් ලබාගන්න බව වාර්තා වෙයි.

ඒ අතර මත්පැන් අලෙවි සල් වස දැමීම නිසා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩි වී ඇති බව සහ ඒවා රහසේ බෙදාහැරීම වැඩි වී ඇති බවත් කියති. එමෙන් ම නිවෙස්වල මත්පැන් නිෂ්පාදනය ද සිදුවන බවත්, එය දිගුකාලීනව රජයේ ආදායම් අහිමි වීමටහෙතුවක් බවත්, සුරාබදු නිලධාරීහු කියති.

කෙසේ වෙතත්, මත්පැන් මෙලෙස මාර්ගගත ක්‍රමයට බෙදාහැරීමට කෝවිඩ් – 19 වයිරසය පාලනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසරය ලබාගත යුතු බවත්, එම අවසරය ලැබුණු විගස අද (16) පස්වරුවේ සිට ඔන්ලයින් හරහා  මත්පැන් අලෙවි කිරීමේ හැකියාව ලැබෙන බව ද සුරාබදු  දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *