හිටපු සී අයි ඩී අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එස් අයි සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරී

 

ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහත්වරුන්  ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය.

තමන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර මහතා සහ සුගත් මෙන්ඩිස්  මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝග කරනු ලැබී ය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අදාළ ව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

කෙසේ වෙතත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවේ ශාක්ෂි අධිකරණය විසින් පිළිගෙන ඇති අතර එම සාක්ෂි තහවුරු වීම නිසා ඔවුන්ට දඬුවම් ද නියම වී ඇත.

පසුගිය දා යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාවේ දී ද ශානි අබේසේකර මහතාගේ නම සඳහන් වුයේ වත්මන් රජය දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට නීතිය උපයෝගී කරගැනීම ගැන උදාහරණයක් වශයෙනි

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *