රනිල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම 23 දා

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම මස 23 දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දිය යුතු බව පක්ෂයේ ජෙෂ්ටයින් තීරණය කොට ඇතැයි  පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීමට අද මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවට පත්වන රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂයේ ඉදිරි පෙලේ අසුනක් හිමිවන බවත්, ඔහුට හිමිවන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට යාබද අසුන බවත්, වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *