ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවට කොරියන් ජාතික තානාපතිනියක් පත් කරයි

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස දකුණු කොරියාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ කාන්තාවක් වන ජුලි ජියූන් චුන් මහත්මිය නම් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් මහතා කටයුතු කොට ඇත.

ජනාධිපතිවරයා විසින් ඊයේ මෙම නිර්දේශය සිදු කළ බව ධවල මන්දිරය නිවේදනය කොට තිබේ. දැනට ඇමෙරිකානු තානාපතිනිය ලෙස සේවය කරන අලෙයිනා ටිප්ලිස් මහත්මියගෙන් පසුව ඇය මෙරට තානාපතිනිය ලෙස පත්වීමට නියමිත ය. ඒ සඳහා ජනාධිපතිගේ තීරණයට සෙනෙට් මණ්ඩලයේ කමිටුවක අනුමැතිය හිමිවිය යුතු ය.

දකුණු කොරියාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ කොරියානු ඇමෙරිකානු ජාතික කාන්තාවක් වන ජුලි චුන් මහත්මිය 1977 දී  ඇමෙරිකාවට යන විට ඇගේ වයස අවුරුදු පහක් බව කියති. ඇය උපත ලබා ඇත්තේ කොරියාවේ සියෝල් නුවර ය.

චීනයේ ශෝන්ශු  පළාතේ ඇමෙරිකානු තානාපති සේවා නිලධාරිනියක් ලෙස සිය රාජ්‍ය තාන්ත්‍රික සේවය ආරම්භ කළ ජුලි චුන් මහත්මිය  ජපානය වියට්නාමය, කාම්බෝජය, බංගලාදේශය, තායිලන්තය, කොලොම්බියාව  සහ ඉරාකයේ ද සේවය කොට ඇත.

ආසියානු භාෂා ගණනාවක් කතාකිරීමේ හැකියාව ද ඇය සතු බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *