විදුලි සේවකයින්ට සියයට විසි පහක වැටුප් වැඩිවීමක් ; තව සියයට දොළහ බැගින් වසර තුනක්

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින්ට සියයට විසි පහක වැටුප් වැඩි වීමක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ලංවිම සභාපති චරිත හේරත් මහතා හෙළිදරව් කොට ඇත. ඔවුන්ට තවත් සියයට 12 බැගින් වසර තුනක් වැටුප් වැඩි කිරීමට ද එකඟ වී ඇති බව ඒ මහතා කියයි.

මෙම වැටුප් වැඩි කිරීම සිදු වන්නේ ලංවිම සේවකයින් සහ පාලන අධිකාරිය අතර ඇතිකර ගන්නා සාමුහික ගිවිසුමකට අනුව ය. එහි පාලනාධිකාරියේ සිටින නිලධාරීන්ට ද, මෙම වැටුප් වැඩිවීම හිමි වෙයි.

මේ වනවිට ලංකා විදුලි බල මණ්ඩලය ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණය වී ඇති මුදල රුපියල් බිලියන 85 කි.

පසුගිය වසර පහක් තුළ කිසිදු නව විදුලි බලාගාරයක් විදුලි පද්ධතියට එකතු කිරීමට ද මණ්ඩලයට හැකි වී නැත.

මණ්ඩලයේ නිලධාරීන් කියන්නේ විදුලි ගාස්තු වැඩි කිරීමට රජය ඉඩ නොදෙන නිසා මණ්ඩලය පාඩු ලබන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *