කොවිඩ් මරණ 55 ක් අසාදිතයින් 2275 ක් අද තහවුරු කරයි

කොවිඩ් 19 මරණ 55ක් තහවුරු වූ බව රජය අද නිවේදනය කළේ ය. නව ක්‍රමවේදය අනුව අද තහවුරු කොට ඇත්තේ ඊයේ සිදු වූ මරණ බව කියති.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2315 කි.

නව කොවිඩ් ආසාදිතයින් 2275 ක් අද හඳුනාගෙන ඇති බව රජයේ නිල නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 228,179 ක් වෙයි.

මේ දක්වා ඔට්ටමාවාඩී ප්‍රදේශයේ භූමදානය කළ කොවිඩ් මළසිරුරු සංඛ්‍යාව 605 ක් බව ද අද වාර්තා වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *