තෙල් මිල වැඩි කළ ඇමති ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බව පොහොට්ටු ලේකම් නිවේදනයකින් කියයි.

ජනතාව බලවත් පීඩාවෙන් සිටින මොහොතක ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු කොට රජය අපහසුතාවයට පත් කළ විෂය භාර ඇමති ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මෙය රජය අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දැයි සැක සිතෙන බව ද එහි සඳහන් ය.

ඛනිජ තෙල් විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතාගේ නම නිවේදනයේ සඳහන් නැති අතර කලට වෙලාවට විකල්ප පියවර නොගැනීමෙන් විෂය භාර ඇමතිවරයා රජය අපහසුතාවයට පත් කළ බව කියයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *