අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල වැඩි කරයි ; පෙට්‍රල් රුපියල් 20 කින් ඩීසල් රුපියල් 7 කින් නගී

ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කොට ඇත.

ඒ අනුව 92  ඔක්ටේන් වර්ගයේ සාමාන්‍ය  පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් වැඩිවන අතර එහි නව මිල ලීටරයක් රුපියල් 157 කි.

යුරෝ 95 ඔක්ටේන්  වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 ක්  දක්වා රුපියල් 23 කින් වැඩි කොට ඇති අතර, ඩීසල් ලීටරයක් රුපියල් 111 ක්  දක්වා රුපියල් 7 කින් ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල 144 ක් දක්වා රුපියල් 12 කින් ද වැඩි කොට ඇත.

භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් වැඩි කොට ඇති අතර එහි නව මිල රුපියල් 77 ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *