14 දා සංචරණ සීමා ඉවත් කිරීමේ තීරණයත් රිවස් වෙයි.

 

කලින් නියම කරගත් පරිදි රටපුරා  සංචරණ සීමා 14 දා උදේ ඉවත් කරන බව කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙරේදා නිවේදනය කළ ද, එම තිරණය වෙනස් කොට 21 දක්වා එම තත්ත්වය පවත්වාගෙන යාමට තීරණය කළ බව අද ප්‍රකාශ කළේ ය.

කොවිඩ් ව්‍යාප්තිය පිලිබඳ අලුත් ම සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමෙන් පසු විශේෂඥ උපදෙස් මත මෙම තීරණය ගත් බව ඒ මහතා කියයි.

පසුගිය මැයි 21 දා සිට ක්‍රියාත්මක කළ වත්මන් සංචරණ සීමා මේ වන විට දින 23 ක් ක්‍රියාත්මක කර ඇත.

කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් මෙතෙක් වාර්තා වී නැත. මරණ වාර්තා වීම විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *