කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාබනික ගොවිතැන ගැන දොස්තර පාදෙනියගෙන් අහගන්න !!!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාබනික ගොවිතැන ගැන නොදන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කොට ඇත.

ඔහු කියන්නේ කාබනික ගොවිතැන නොදන්නා එම නිලධාරීන් දන්නා කෙනෙකුගෙන් අහන්නේ වත් නැති බවයි.

ඒ අනුව දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටින කාබනික ගොවිතැන නොදන්නා “ඊනියා කෘෂි විද්‍යාඥයින් ” කල යුතු වන්නේ ඒ ගැන දන්නා ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා හමු වී ඒ ගැන අස දන ගැනීම යි.

මීට දිනගනනකට පෙර මොහු කීවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග අංශයේ ප්‍රධානීන්ව සිටින වසංගත රෝග විශේෂඥයින් ඒ ගැන දැනුමක් නැති පිරිසක් බවයි.

සියල්ල දත් ප්‍රාඥයෙක් බිහි වී සිටිය දී හැම තැනක ම වගකීම් භාර දී ඇත්තේ වැඩ නොදන්නා උදවියට ය !

කෙසේ වෙතත්, ළමා රෝග විශේෂඥයකුට ළමා මනසක් පිහිටීම ඉතාම කලාතුරකින් වන සිදුවීමකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *