ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි නොකළොත් ජී එස් පී අහෝසි කරන්න යුරෝපා සංගමය යෝජනාවක් සම්මත කරයි

මෙරට ක්‍රියාත්මක වන මානව හිමිකම් විරෝධී නීතියක් ලෙස සැලකෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බවට ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දුව අනුව ක්‍රියා නොකරන්නේ නම් ජී එස් පී ප්ලස් සහනය අත් හිටුවීමට සලකා බැලිය යුතු බවට යෝජනාවක් යුරෝපා සංගමය ඊයේ සම්මත කොට ඇත.

යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාව සම්මත කොට ඇත්තේ 628 පක්ෂව සහ විපක්ෂව 15 ක් ලෙස අති විශාල බහුතර ඡන්දයකිනි. ඡන්දය නොදුන් සංඛ්‍යාව 40 කි.

පුද්ගලයින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා ගැනීමට ඉඩ ලැබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත, ලෝකයේ වෙනත් රටවල ත්‍රස්තවාදය වැළක්වීමට ඇති නීති වලට සමාන වන ලෙස සංශෝධනය විය යුතුය යන්න යුරෝපා සංගමයේ මතය වී තිබේ.

ශ්‍රී ලංකාවට අහිමි කොට තිබු ජී එස් පී ප්ලස් සහනය ආපසු ලබාගැනීමේ දී පසුගිය රජය මෙම කොන්දේසියට එකඟ වූ අතර එම නීතිය අනුව පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමෙන් වැලකීමට කටයුතු කළේ ය.

වත්මන් රජය මේ වනවිට නැවත එම පනත යටතේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම ආරම්භ කොට තිබීම යුරෝපා සංගමය මෙම යෝජනාව සම්මත කිරීමට හේතුව බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *