තවත් කොවිඩ් මරණ 101 ක් ; පළමු වරට දිනක දී 100 පන්නයි ; සමස්තය 2000 පන්නයි

එක දිනක වාර්තාවන මරණ සංඛ්‍යාව යළිත් ඉහළ වාර්තාවක් තබමින් ඊයේ දිනයේ කොවිඩ් අසාදිත මරණ 101 ක් වාර්තා වී ඇත.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා යමින් 2011 ක් ලෙස නිල වශයෙන් වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදීත සංඛ්‍යාව 2715 කි.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 216,111 ලෙස වාර්තා වෙයි.

මේ අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා සඳුදා උදෑසන සිට ඉවත් කරන බව රජය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *