වජිරගේ කාල සටහනට අනුව රනිල් 22 දා පාර්ලිමේන්තුවට !

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා දිවුරුම් දෙන බව පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

වික්‍රමසිංහ මහතා එලෙස දිවුරුම් දෙන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීරණයකට අනුව ය.

මෙම මන්ත්‍රී ධුරයේ පක්ෂ නායකයා දිවුරුම් දෙනු ඇති බව වජිර අබේවර්ධන මහතා ප්‍රකශ කළේ පසුගිය ජනවාරි මාසය තරම් ඈත කාලයේ සිට ය. ඔහු කිවේ ජුලි, අගෝස්තු වනවිට රනිල් මැතිසබයට එන බවයි. එම කතාව වජිර අබේවර්ධන මහතා දිගට ම ප්‍රකාශ කළේ ය.

මේ අතර කාලයේ පක්ෂයේ ප්‍රබලයින් සියලු දෙනා එක මතයකට පැමිණ ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් මන්ත්‍රී ධුරය භාරගත යුතු බව ය.

ඒ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් ද, රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු පැමිණෙන ලෙස ඉල්ලීම් කොට ඇති බව ද, වාර්තා වී ය.

රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට සජබ මන්ත්‍රී පිරිසක් ද සුදානමින් සිටින බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *