මරණ වාර්තාව තව ඉහළට ; ඊයේ 67 යි ; ආසාදිතයින් 2713 යි

කොවිඩ් 19 නිසා මියගිය සංඛ්‍යාවේ දෛනික වාර්තාව තවත් ඉහළ යමින් ඊයේ මරණ 67 ක් වාර්තා වී ඇත.

මේ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 1910 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව කොවිඩ් ආසාදිතයින් 2713 ක් ද ඊයේ වාර්තා වී ය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 217,377 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දැනට පවතින පරීක්ෂණ ප්‍රමාද වීම් නිසා  රෝගීන් වාර්තා වීමේ ප්‍රමාදයක් ද  පවතියි. ඊයේ වාර්තා වූ මරණ 19 ක් පසුගිය මාසයේ සිදු වූ මරණ බව රජයේ වාර්තා කියයි. එමෙන් ම මේ දිනවල සිදුවන මරණ සංඛ්‍යා තහවුරු වන්නේ ඉදිරි සතියක් දෙකක් හෝ තුනක කාලයේ දී ය.

රාජ්‍ය ඇමතිනි සුධර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ ප්‍රකාශ කළේ සංවරණ සීමා පනවා තිබුන ද කොවිඩ් රෝගීන්ගේ සහ මරණවල වැඩි වීමක් මිස අඩු වීමක් පෙන්නුම් නොකරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *