ශ්‍රී ලංකාව ලොව වටා සෙවූ ඇස්ට්‍රා සෙනිකා එන්නත් තොගයක් අමෙරිකාවෙන් ලැබෙයි

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව තිබු සහ ලොව විවිධ රටවලින් විමසීම් කළ ද ලබාගත නොහැකි වූ ඇස්ට්‍රා සෙනිකා එන්නත් තොගයක් මෙරටට  ලබාදීමට ඇමෙරික එක්සත් ජනපදය එකඟ වී ඇති බව වාර්තා වෙයි.

ඇමෙරිකාව තුන්වන ලෝකයේ රටවලට නොමිලේ ලබාදෙන එන්නත්වලින් ශ්‍රී ලංකාවට වෙනකොට ඇති ප්‍රමාණයෙන් කොටසක් මෙලෙස ඇස්ට්‍රා සේනිකා එන්නත ලෙස ලැබීමට නියමිතය.

එහි මුල් කොටස ලෙස එන්නත් මාත්‍රා 260,000 ක් ජුලි මස මුල සති දෙක තුළ ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කොට ඇත. අවශ්‍ය ඉතිරි මාත්‍රා ප්‍රමාණය ද අගෝස්තු මාසයට පෙර ලැබෙනු ඇතැයි කියති.

මෙරට මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ හයකට වැඩි පිරිසකට එහි දෙවන මාත්‍රාව ලබාදීම බරපතළ ප්‍රශ්නයක් වී තිබිණි. ඒ සඳහා වෙනත් එන්නත් ලබා දීමට යෝජනා වුව ද , එය සුදුසු නොවන බව පිළිගත් මතය වී  තිබිණි.

ඇමෙරිකානු එන්නත් ලැබීමත් සමග එම ගැටලුව විසඳෙනු ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *