රනිල් පාර්ලිමේන්තු එනවිට ජපානයෙන් සුපිරි වහනයත් එයි !

මේ මස අග දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන බව කියන  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දිවුරුම්  දී ටික දිනකින්  අලුත් ම සුඛෝපභාගී මෝටර් රථයක් හිමිකර ගැනීමේ වාසනාව හිමි වී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජය ගෙන්වන වාහන සමග මේ වන විට පුරප්පාඩුව පවතින එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා සඳහා ද වාහනයක් ඇනවුම් කොට තිබීම නිසා එම වාහනය වික්‍රමසිංහ මහතාට හිමි වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇතුළු රජයේ ප්‍රධානීන් සඳහා නවීන සුඛෝපභෝගී වාහන 399 ක් ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කොට ඇති අතර ඉන් වාහන 227 ක් පාර්ලිමේන්තුවට වෙනකොට ඇත. මෙම වාහන ගෙන්වීම අවලංගු කළ බව ආණ්ඩුව කීව ද මේ වනවිට එම ගනුදෙනුවේ ගෙවීම් සහතික කොට අවසානය. ඉදිරි කාලයේ වාහන මෙරටට ලැබීමට නියමිත ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වාහන 145 ක් , සමගි ජන බලවේගයට 54 ක් , දෙමළ සන්ධානයට 19 ක් , ජාතික ජන බලවේගයට 3 ක් , එකසත් ජාතික පක්ෂයට එකක් වශයෙන් සහ අනෙක් ඉතිරි මන්ත්‍රීවරුන්ට එක බැගින් වාහන 225 ක් මන්ත්‍රීවරුන් අතර බෙදී යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *