නාමල් , යෝෂිත බේරාගන්න මහින්ද රනිල්ගේ පිහිට පතයි

Rajpakseනාමල් රාජපක්ෂ , යෝෂිත රාජපක්ෂ දෙදෙනාට එල්ල වී ඇති දුෂණ හා මිනීමැරුම් චෝදනා වලින් ඔවුන් බේරාගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී උපකාර ඉල්ලා ඇති බව වාර්තා වෙයි .මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අගමැති නිල කාමරයට ගොස් අගමැති තුමා හමුවී සාකච්චා කර ඇත .

තමන්ට දැන් දේශපාලනයෙන් වැඩක් නැති බවත් කෙසේ හෝ තම දරුවන් බේරා ගතයුතු බවත් රාජපක්ෂ මහතා මෙම හමුවීමට පෙර තම සගයින් සමග ප්‍රකාශ කල බවද කියති .

ඉදිරි සති කිහිපය තුළ නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගනු ඇතැයි වාර්තාවෙයි . යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව තවත් පරීක්ෂණයක්ද ආරම්භ වී ඇත . මෙම තත්වය නිසා මහින්ද රාජපක්ෂ මහතා බලවත් සිත් වේදනාවෙන් සිටින බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *