සංවිධානය විස්ථාපනය කරන පුද්ගල ආගමනය – ඊළගට නාමල්? – නිශාන්ත කමලදාස

 

සංවිධානයක් කියන්නේ පුද්ගලයින්ගෙ එකමුතුවක් බව ඇත්ත ය. ඒ පුද්ගලයින් බැඳ තබන එක් ප්‍රධාන සාධකයක් වන්නේ නායකත්වය බව ද ඇත්ත ය. ඒ නිසා ම

නායකයෙකුට විශේෂ ස්ථානයක් සංවිධානය ගැන සිහිපත් කරන ඔ්නෑ ම කෙනෙකු තුළ ඇති වීම ද ස්වභාවික ය.

එහෙත් සංවිධානයක් විස්ථාපනය කරමින් නායකයෙකුගේ ආගමනය සිදු වීම ඒ තරම් ම සුභදායක නැත. ස්වභාවික ද නැත. විශේෂයෙන් සංවිධාන විසින් අපේ ජීවිත වල සියල්ල පාලනය කිරීමට තරම් වටපිටාවක් නිර්මාණය වී ඇති යුගයක එය ස්වභාවික නැත.

එහෙත් ඒ අස්වභාවික දේ ලංකාවේ සිදු වුනේ ය. ඒ ශ්‍රීලනිපය නැමැති සංවිධානය පසු පසට තල්ලු කරමින් මහින්ද රාජපක්ෂ නම් ප්‍රතිපරූපය මතු වීම තුළ ය. එය ම ඇමරිකාවේ ද මේ වන විට සිදු වෙමින් තිබෙන්නේ ය. ඒ රිපබ්ලිකන් පක්ෂය පසුපසට තල්ලු කරමින් ට්‍රම්ප් මතු වීම හරහා ය. පැර

දුණු මහින්ද තරමට ම පැරදුණ ට්‍රම්ප් ද පරාජයෙන් පසුව ද ශක්තිමත් විය. නැවත බලය ලබා ගැනීම හොඳින් හෝ නරකින් කරන්නට උත්සහ කරන තරමට ජන පදනමක් ද ඔවුන් දෙදෙනාම සතු විය.

මෙය සංවිධාන සම්බන්ධයෙන් අනතුරුදායක තත්වයකි. පුද්ගලයා නැතිව ගිය දිනක සංවිධානයක් තවදුරටත් පවතින්නට ඉඩක් ඒ තුළ නොමැති නිසා ය. ඒ පුද්ගලයා නැතිව යෑමත් සමග ඇති වන රික්තය පුරවන්නට මේ බොහෝ තැන්වල ආදේශකයන් නැති වීමත් එවැනි ආදේශකයන් බිහිවන තත්වයන් අර කී ප්‍රතිරූප ගත නායකත්වය විසින් වසා තිබීමත් නිසා ය.

මෙය සංවිධාන සම්බන්ධයෙන් අනතුරුදායක තත්වයකි. පුද්ගලයා නැතිව ගිය දිනක සංවිධානයක් තවදුරටත් පවතින්නට ඉඩක් ඒ තුළ නොමැති නිසා ය. ඒ පුද්ගලයා නැතිව යෑමත් සමග ඇති වන රික්තය පුරවන්නට මේ බොහෝ තැන්වල ආදේශ

කයන් නැති වීමත් එවැනි ආදේශකයන් බිහිවන තත්වයන් අර කී ප්‍රතිරූප ගත නායකත්වය විසින් වසා තිබීමත් නිසා ය.

එවැනි තැනක ආදේශකයන් බවට පත් වීමේ වරම ලැබෙන්නේ ලේ උරුමයේ හිමිකාරයන්ට ය. පැරණි රජ දවස් සිහි කරන ඒ තත්වය වත්මන් ලෝකය තුළ අප උතුරු කොරියාවේ ද කියුබාවේ ද ඉන්දියාවේ ද තවත් රටවල ද දැක ඇත්තෙමු. එය අප රට තුළ ඩී ඇස් – ඩඩ්ලි මෙන්ම බණ්ඩාරනායක – සිරිමා – චන්ද්‍රිකා පරම්පරා ගත සම්බන්ධයන් හරහා අපි දැක ඇත්තෙමු.

එහි යම් ප්‍රමාණයක පැවැත්මක් ගෝඨාභය රාජපක්ෂගේ ආගමනය සමග වත්මන් ලංකාවේ ද දක්නට ලැබේ. ඇමරිකාවේ ද ට්‍රම්ප් සිය දියණියන් බෑණනුවන් රාජ්‍ය පාලනයට මැදිහත් කර ගනිමින් උත්සහ ගෙන තිබුනේ ද ඒ අනුප්‍රාප්තිකයා සූදානම් කර තබන්නට විය යුතු ය.

මේ සියල්ල කියන්නේ අතීතය තවමත් අප අතර හොල්මන් කරමින් තිබෙන බව ය. සංවිධානය සංවිධානයක් හැටියට පවතින්නට අසමත් වන විට සිදු වන මේ තත්වය සංවිධානයන් ඇතුළතින් දුර්වල කරමින් ඒවා වේදිකාවෙන් ඉවත් කිරීමට අවසානයේ මග පාදන්නේ ය.

ශ්‍රී ල නි ප ය අවසන් ගමන් ගි

යේ ඒ අනුව ය. බොහෝ දෙනෙකුට අනුව ශ්‍රීලනිපයේ අවසානය සටහන් කළේ මෛත්‍රීපාල ය. එහෙත් එහි ඇරඹුම ඊට බොහෝ කලකට පෙර සිදු විය. එය දෛවෝප ගත ලෙස බණ්ඩාරනායක ඝාතනය සමග සිදු වුනේ ය. ඔහුගේ අවසන් ගමන සමග සම්බන්ධව තිබුණේ ය. එතැන් පටන් පක්ෂයක් තිබුනේ නැත. තිබුනේ පරම්පරා පාලනයක් පමණ ය. එක් පරම්පරාවක පාලනය තවත් පරම්පරාවක පාලනයකින් පහසුවෙන් විස්ථාපනය කළ හැකි ව තිබුණා පමණ ය. ඒ වන විට එහෙමට සංවිධානයක් ඉතිරි ව තිබුණේ නැත.

ශ්‍රීලනිපයේ ඇති වූ පළමු පරම්පරාවේ පාලනය අවසන් කළ හැකි වූයේ ඒ පරම්පරාව තුළ අනුප්‍රාප්තිකයෙකු ගොඩ නගා නොසිටි නිසා ත් දෙවැනි පදවි ප්‍රාප්තීයෙන් පසු නැවත ජනාධිපතිවරණය සඳහා ඉල්ලීමට ඒ වන විට පදවිය දැරූ චන්ද්‍රිකාට ඒ සඳහා ඉඩක් ව්‍යවස්ථාවෙන් සපයා නො තිබීමත් නිසා ය.

ශ්‍රීලනිපයේ ඇති වූ පළමු පරම්පරාවේ පාලනය අවසන් කළ හැකි වූයේ ඒ පරම්පරාව තුළ අනුප්‍රාප්තිකයෙකු ගොඩ නගා නොසිටි නිසා ත් දෙවැනි පදවි ප්‍රාප්තීයෙන් පසු නැවත ජනාධිපතිවරණය සඳහා ඉල්ලීමට ඒ වන විට පදවිය දැරූ චන්ද්‍රිකාට ඒ සඳහා ඉඩක් ව්‍යවස්ථාවෙන් සපයා නො තිබීමත් නිසා ය.

මහින්ද පසු කලෙක තුනෙන් දෙකක් ලබා ගෙන ඉවත් කළේ මේ බාධකය ය. යහපාලනය එය වෙනස් කළ ද තුනෙන් දෙකේ බලයක් ගෙන නැවතත් ඒ තත්වය යථාවත් කර තිබේ. ඒ අනුව මේ පරම්පරා පාලනය තවත් ඉදිරියට ඇදෙනු ඇද්ද?

පොදු ජන පෙරමුණ නම් සංවිධානයක් තිබෙන බව ඇත්ත ය. එහෙත් එවැන්නක් ඇත්තට ම තිබේ ද? ඒ සඳහා දර දිය ඇද්ද බලවේගයන් විසින් ඒ සංවිධානයට ලබා දී තිබුණු ප්‍රතිරූපය හා දැක්ම පවත්වා ගන්නට ඊට හැකි වූයේ ද? පෙනෙන්නට තිබෙන විදිහට නම් එය එසේ සිදු වී නැත. සංවිධානයක් ශක්තිමත් නොකර නායකත්වය පුම්බන්නට ගන්නා සෑම උත්සහයක ම අවසාන ඵලය මේ බලවේග විසින් ද මේ වන විට නෙලා ගෙන තිබේ. ඔවුන් බොහෝ දෙනෙකු අද වන විට අඳෝන නඟන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසා ය.

එජාපය සම්බන්දයෙන් ද එය එක්තරා දුරකට බල පා තිබෙන්නේ ය. ඩඩ්ලි කසාද බැන්දේ නැත. ඊට අමතරව ඥාතියෙකු ගොඩ නැගුවේ ද නැත. ඒ නිසා සංවිධානයක් ඉතිරි විය. ජේආර්ගේ දරුවන් දේශපාලනයට ආවේ නැත. ඒ නිසා ද සංවිධානයක් ඉතිරි විය. එහෙත් ප්‍රේමදාසට පවුලේ අනුප්‍රාප්තිකයෙකු විය. ඔහු ලො

කු මහත් වෙන තුරු තාවකාලිකව පැවරුණු නායකත්වය දක්ෂ ලෙස හසුරුවා ගන්නට රනිල් සමත් වූයේ නැත. රනිල් ආකර්ෂණීය ප්‍රතිරූපයක් තනා ගන්නට අපොහොසත් විය. එපමණක් නොව ඔහු සංවිධානය එවැනි ප්‍රතිරූපයක් නැතිව ම තමන්ගේ ආධිපත්‍යයට නතු කරගන්නට කටයුතු කළේ ය. සංවිධානයට අනුප්‍රාප්තිකයෙකු ඔහු ගොඩ නැගුවේ නැත. සජිත්ට පිය උරුමය තිබූ නිසා බොහෝ දෙනෙකුට ඔහු ස්වභාවික අනුප්‍රාප්තිකයා වූයේ ය. සංවිධානය දිය ව යන තත්වයක් යටතේ සජිත් ට පහසුවෙන් ම සමගි ජන බලවේගය ගොඩ නගා ගෙන එජාපයේ ධජය උදුරා ගැනීමට ඒ තත්වය මග පෑදුවේ ය.

සංවිධානය ගොඩ නගනු වෙනුවට සංවිධානය තමන්ට යටත් කර ගන්නට හදන හැමට ම සිදු වන්නේ සංවිධානයක පිහිට නැති ව යෑම ය.

සංවිධානය ගොඩ නගනු වෙනුවට සංවිධානය තමන්ට යටත් කර ගන්නට හදන හැමට ම සිදු වන්නේ සංවිධානයක පිහිට නැති ව යෑම ය.

ප්‍රතිරූප වන්දනාවේ යෙදෙන්නන් විසින් තමන් කරන ඒ කටයුත්තේ බරපතල කම අවබෝධ කර ගත යුතු ය.

දැක්මක් සහිත හර පද්ධතියක් සහිත තමන්ගේ මෙහෙවර නිසි ලෙස හඳනා ගත් සංවිධානයක් වෙනුවට පුද්ගල ප්‍රතිරූප ගොඩ නගා ඒ සෙවනැල්ල යට සිය අභිමතාර්ථයන් සම්පූර්ණ කර ගන්නට හදන සියල්ලන්ට ද මේ පාඩම වැදගත් ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *