රනිල් මේ මාසයේ පාර්ලිමේන්තුවට එනවා ; දිනය තීරණය කර නැහැ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ දී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යනු ඇතැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත. ගම්පහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ සංවර්ධනය සඳහා පෞද්ගලික මුදලින් ලක්ෂ දහයක් පර්ත්යග කිරීමෙන් පසුව මාධ්‍ය කළ ප්‍රශ්නකිරීම් හමුවේ ඒ මහතා මේ බව පවසා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යන දිනය මෙතෙක් හරියටම ප්‍රකාශ කර නැතත් මේ මාසය ඇතුළත එය සිදුවනු ඇතැයි කී විජයවර්ධන මහතා වර්තමානයේ රට මුහුණ දෙන අර්බුද වලට පිළිතුරු සෙවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වැනි පරිණත නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව ද සඳහන් කොට තිබේ.

විජයවර්ධන මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ මතය වන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට යායුතුය යන්න  බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *