මුහුද වනසා වන්දියට දත නියැවීම සහ අත යට හොර පාරේ යන වන්දි – අනුර සූරියබංඩාර

 

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ගංවතුරට එක්වූ දැවි තෙල් හෙයියන්තුඩුවේ ජලය දූෂ්‍ය කර ඇත යන්න අලුත්ම පුවතයි . ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති කියන්නේ ,කාන්දුවට හේතුව පෙර සූදානමක් නොමැති වීම සහ නොසැලකිලිමත්කම බවයි . ඛනිජතෙල් බාර ඇමැතිවරයා ඊට දෙන පිළිතුර එය තමාගේ කාලයේ සිදුවූ පළමු වතාව බවය . ඉදිරියට එසේ නොවන්නට කටයුතු කරන බවද හේ කියයි .වෙන්නට කලින් විනාශයක් වළකා නොගැනීමේ චෝදනාවෙන් ඇමැතිවරයා ලිස්සායන ආකාරය එසේය .

වත්මන් ආණ්ඩුවේ පරිසර පිළිවෙත රට පුරා සිදුවන වන විනාශයෙන් ම පැහැදිලි වී තිබුණි . වැලි කැණීම් , පස් කැපීම් , ගල් කැඩීම්ද නිමක් නැත . තවත් අතකින් අනවසර ගොඩකිරීම්ය . මෙකී සියල්ල ම පාහේ පිටුපස ඇත්තේ දේශපාලනය ය  .

වත්මන් ආණ්ඩුවේ පරිසර පිළිවෙත රට පුරා සිදුවන වන විනාශයෙන් ම පැහැදිලි වී තිබුණි . වැලි කැණීම් , පස් කැපීම් , ගල් කැඩීම්ද නිමක් නැත . තවත් අතකින් අනවසර ගොඩකිරීම්ය . මෙකී සියල්ල ම පාහේ පිටුපස ඇත්තේ දේශපාලනය ය  . 

තමන් හම්බකරගෙන කන රැකියාව කරන පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නාවේ වතුර ටික පිරිසුදුව තබා ගන්නටවත් තමාට නොහැකි බව ඔප්පු කළ පරිසර ඇමැතිවරයා ඉන්නේත් මේ ආණ්ඩුවේය .

මුහුද සම්බන්ධයෙන් ගත් කල තෙල් නැවු ගිනිගනී , විකිරණශීලී දේ පටවාගත් නැවු වරායන් අසලට පැමිණේ , රසායනික ද්‍රව්‍ය සමඟ ගිනිගන්නා නැවක් මේ ලියන මොහොත වන විටත් ජනාධිපති කාර්යාලයටත් පෙනෙන දුරින්  මුහුදේ තිබේ .

පරිසරවේදීන් කියන්නේ රසායනික ද්‍රව්‍ය සහිත නැවෙහි ( එක්ස්ප්‍රස් පර්ල් ) ගින්නෙන් සිදු වූ විනාශය වසර විස්සකින් වත් යථාවත් නොවනු ඇති ය කියා ය . නමුත් මෙරට ඇමැතිවරු කතාකරන්නේ පරිසර හානිය ගැන නොව වන්දිය ගැනය .ඇමැති වාසුදේවටත් පරිසරට වඩා වටින්නේ වන්දි වශයෙන් ලැබෙන ඩොලර් මල්ලය .”කන්න දෙනව නම් අපට බොන්න දෙනව නම් , මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ ? ”  යනු ජනප්‍රිය වේදිකා නාට්‍ය ගීයකි . ” මේ ආණ්ඩුවේ  තේමා ගීය , ” වන්දි දෙනව නම් අපට ඩොලර් එනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ ? ” ද යන්න සැකයකි .  අපේ මුහුදු තීරයටත් වෙරළ තීරයටත් සිදුව තිබෙන චර්නොබිල් පන්නයේ විනාශය නොතකා වන්දිය ගැනම කියවන ඇමැතිවරු සිටිය හැක්කේ එවැනි තේමා ගීතයක් ඇති ආණ්ඩුවක පමණි .එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්‍රධානියකු සිදුවූ විනාශය සම්බන්ධව ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබිණ .  නමුත් රටේ සමුද්‍ර පරිසර පද්ධතියට සිදුවූ විනාශය සම්බන්ධව රටේ ජනතාවට කනගාටුව ප්‍රකාශ කරන්නට තරමට හැඟීමක් වරාය ඇමතිට නොව පරිසර ඇමැතිටවත් ඇත්තේ නැත  .

“කන්න දෙනව නම් අපට බොන්න දෙනව නම් , මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ ? ”  යනු ජනප්‍රිය වේදිකා නාට්‍ය ගීයකි . ” මේ ආණ්ඩුවේ  තේමා ගීය , ” වන්දි දෙනව නම් අපට ඩොලර් එනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ ? ” ද යන්න සැකයකි .  

මෙරට සංචාරක ව්‍යාපාරයේ කොඳු නාරටිය බඳු වෙරළ තීරයට සිදුවූ විනාශය තව වසර ගණනාවකට වත් ප්‍රකෘතිමත් කළ නොහැකි වන බවට සැකයක් නැත .ඒ අතර ආණ්ඩුව සැරසෙන්නේ පවතින කොරෝනා ව්‍යසනය මධ්‍යයේ සහ රටවැසියන්ට දැඩි සංචාරක සීමා පනවා තිබියදී පවා විදෙස් සංචාරකයන්ට රටට පැමිණීමට අවසර ලබා දීමටය . ආණ්ඩුව එසේ කටයුතු කළද, සංචාරකයන්ට පැමිණ විනෝද වන්නට , ගිමන් හරින්නට , විවේක ගන්නට සුදුසු වෙරළක් මේවන විට ඇත්තේ නැත .වෙරළවල ඇත්තේ ප්ලාස්ටික් කැබිලිතිය , ගිනිගත් නෞකාවෙන් ගොඩගැසූ විවිධ අපද්‍රව්‍යය සහ රසායනික ද්‍රව්‍යයය .රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ වලදී , එක්ස්ප්‍රස් පර්ල් ගින්න සහ රසායනික කාන්දුව හේතුවෙන් මියගිය මසුන් , තල්මසුන් , ඇතුළු විවිධ මුහුදු ජීවීන් වෙරළට ගොඩගසා ඇති ආකාරය ප්‍රදර්ශනය කෙරේ . ධීවර සමිති පවසන ආකාරයට එක්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති විනාශය පෙනෙන තරමට වඩා බෙහෙවින් බරපතළය . ඔවුන් පෙන්වා දෙන ආකාරයට මිය ගිය මුහුදු ජීවීන් විශාල වශයෙන් මේවන විට ගැඹුරු  මුහුදු ජල ප්‍රවාහ ඔස්සේ පාවෙමින් තිබේ . වෙරළට පාවී එන්නේ ඒ අතරින් සුළු ප්‍රමාණයක් බව ඔවුන්ගේ මතයයි. තවත් තැනක වෙරළට විනාශවූ කොරල් පර කොටස් බහුලව ගොඩගසා ඇත . නෞකාවේ ගින්නෙන් මෙරට සමුද්‍ර පරිසරයටත් වෙරළටත් ධීවර කර්මාන්තයටත් සිදුව ඇති විනාශය දැවැන්ත එකක් බව ඒ අනුව පැහැදිලිය .වන්දි මුදල් ගැන ආණ්ඩුවේ බලධාරින් නිතර කියවන නමුත් සිදුව ඇති විනාශය ඩොලර් වලින් ගණනය කළ හැකි වන්නේ නැත .අදාළ ප්‍රදේශයන්හි ධීවර කටයුතු වලට සංචාරක ව්‍යාපාරයට පමණක් නොව එදිනෙදා ජීවිතයට පවා එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න බරපතළ විනාශයක් සිදුකර ඇති බැවිනි .

තවත් අතකින් ගත් කල මෙයට පෙර ගිනිගත් ඉන්ධන නෞකාවේ වන්දිය පවා මේවන තුරු නිසි පරිදි අයකරගෙන නොමැති බව කියැවේ . ඇතැමුන් සැක පළ කරන්නේ එම වන්දි මුදලෙහිදී යම් වංචාවක් සිදුව ඇති බවටය . එක්ස්ප්‍රස් පර්ල් වන්දියත්  තෙල් නැවේ ගින්නේ වන්දිය සේම අත යට හොර පාරේ යන්නට ඉඩකඩ තිබේ . එසේ වුව මෙරට ධීවර ජනතාවටත් , වෙරළ තීරයේ පදිංචි ජනතාවටත් , සංචාරක ව්‍යාපාරයටත් මේ විනාශයේ ප්‍රතිඵල පරම්පරා ගණනක් තිස්සේ විඳින්නට සිදුවන බවට සැක නැත .

අනුර සූරියබංඩාර .

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *