කොවිඩ් මරණ වාර්තා අලුත් වෙයි ; ඊයේ මරණ වාර්තාව 46 යි ; නව අසාදිතයින් 2076 යි ; සංඛ්‍යා ලේඛන විකෘති වීම ගැන චෝදනා

ඊයේ දිනයේ රජය නිල වශයෙන් තහවුරු කරන ලද කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1742 කි.

මෙම වාර්තාවේ සඳහන් වන්නේ මැයි 17 සිට ජුනි 5 දක්වා සංඛ්‍යා බවත් ඊයේ සිදුවූ මරණ කිසිවක් එහි අඩංගු නැති බවත් රජයේ නිවේදනයේ කියයි.

කිසිදු මරණයක් සිදු නොවූ බව කලින් වාර්තා කළ ජුනි 4 දා මරණ 15 ක් සිදුව ඇති බව ඊයේ නිකුත් කළ වාර්තාවේ සඳහන් ය.

ඊට අමතරව ජුනි 2 දා මරණ 6 ක්, ජුනි 3 දා මරණ තුනක් සහ ජුනි 5 දා මරණ තුනක් ඇතුළු දින ගණනාවක සිදු වූ මරණ ඊයේ වාර්තාවේ අතුළත් වෙයි. එම සංඛ්‍යා ඒ ඒ දින සිදු වූ සම්පුර්න මරණ සංඛ්‍යා නොවන අතර ඇතැම් මරණ මීට පෙර වාර්තාවල සඳහන් අතර ඉදිරි දිනවල මෙම සංඛ්‍යාවට තවත් එකතු වීමේ හැකියාව ඇත.

එබැවින් මරණ වාර්තා දැන් නිකුත් වන්නේ එක් එක් දිනවල සිදුවන මරණ වෙන වෙන ම ගණන් ගැනීම දුෂ්කර වන ආකාරයෙනි.

නව කොවිඩ් ආසාදිතයින් 2976 ක් ඊයේ වාර්තා වී ඇත. ඒ අනුව, මෙතෙක් සමස්ත ආසාදිත සංඛ්‍යාව 205,333 ක් ලෙස නිල වාර්තාවල සඳහන් ය.

වසංගතය ගැන නිශ්චිත අදහසක් ලබාගත නොහැකි තරමට කොවිඩ් සංඛ්‍යා ලේඛන විකෘති වීම ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පසුගිය සතියේ ජනාධිපතිතුමා වෙත යැවූ ලිපියේ ද සඳහන් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *