කෘෂිකර්ම ලේකම් ඉල්ලා අස්වුනා ; කාබනික පොහොර ගැන දන්න කෙනෙක් ලේකම් ලෙස පත් කරනවා – කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව  පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

නාවලපිටිය ප්‍රදේශයේ (06) දින පැවති මාධ්‍යය හමුවකදි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවයි.

හිටපු ලේකම්වරයා අස්විමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්,තම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිලිබදව මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයා පත් කිරිමට තිරණය කල බවයි.

රටේ කිසිදු රසායනික පොහොර හිගයක් නොමැති බවත්,පොහොර ආනයනය කිරිම ගැසට් නිවේදනයක් මගින් නතර කිරිම සමග ඇති වු රසායනික පොහොර හිගය විසදුමක් වශයෙන් එම රසායනික පොහොර තොග පෞද්ගලික අංශයෙන් ලබාගෙන එම පොහොර තොග මේ වන විට ගොවින් අතට පත් කිරිමට පියවර ගෙන ඇති බවයි.

රසායනික පොහොර භාවිතය මෙරටින් තුරන් කර කාබනික පොහොර භාවිතයට මේ රටේ ගොවින් යොමු කරන බවයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මාධ්‍යය හමුවේ කියා සිටියේ.

හැටන් රංජිත් රාජපක්ෂ

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *