අද තවත් කොවිඩ් මරණ 40 ක් ; නව ආසාදිතයින් 3094 ක් ; සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්ෂ දෙක පනී

අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 40 ක් සහ නව ආසාදිතයින් 3094 ක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් පිළිගෙන ඇත්තේ 1696 ක් වශයෙනි. කොවිඩ් රෝග තත්ත්වය තුළ වෙනත් රෝග උත්සන්න වීම නිසා මියගිය සංඛ්‍යා මෙම නිල වාර්තාවන්ට ඇතුළත් කොට නැත.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට නිල සංඛ්‍යා අනුව සටහන් වන්නේ 202,348 ක් වශයෙනි. එම සංඛ්‍යා සකස් වන්නේ රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින් හෝ පී සී ආර් පරීක්ෂණ වලට ලක් කිරීමකින් තොරව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *