වෛද්‍ය පාදෙණියට තියෙන දැනුම වසංගත අංශයේ ලොක්කන්ට නැතිලු ; වසංගතය වැඩිවන්නේ එකයි ; වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට වාර්තාවක් !

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසන්ගත රෝග අංශයේ ප්‍රධානීන්ට කිසිදු ප්‍රයෝගික දැනුමක් නැති බවත්, වසංගත තත්ත්වය වැඩිවන්නේ ඒ නිසා බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කොට ඇත.

ඒ මහතා කියා ඇත්තේ වසංගත රෝග අංශයේ ප්‍රධානීන් තිදෙනෙකුගේ හිතුවක්කාර ක්‍රියා නිසා කොවිඩ් වසංගතය භයානක ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

මෙම තත්ත්වය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා වෙත වාර්තාවක් ලබා දුන් බව ද පාදෙණිය මහතා කියා ඇත.

දිවයින පුවත්පතට කල ප්‍රකාශයක් මගින් පාදෙණිය මහතා මෙම කරුණු ප්‍රකශ කොට තිබේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *