කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි ! “සිදුවන විනාශයට වගකීම ගන්න බෑ”

රසායනික පොහොර භාවිතය හදිසියේ තහනම් කිරීමත්, එනිසා සිදුවන විනාශය ගැන රජයට කළ කරුණු දක්වීම්වලට යහපත් ප්‍රතිචාර නොවීමත් නිසා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම් බී රෝහණ පුෂ්පකුමාර මහතා සිය ධුරයෙන්  ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි.

ඒ මහතාගේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බව දැනගන්නට ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ධුරයේ කටයුතු කිරීමේ දී, ඒ මහතාට පසුගිය කාලයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබු බවත්, අමාත්යංශය තුළ පවතින බල අරගලය ද එයට ප්‍රධාන හේතුවක් වූ බවත්, කියති. ඒ අතර රසායනික පොහොර සහ කෘෂි රසායනික හදිසියේ තහනම් කිරීමත්, එය ක්‍රියාත්මක කිරීමට විවිධ බලපෑම් එල්ලවීමත් ඔහුට තනතුරින් ඉවත් වීමට ආසන්න හා ප්‍රධාන හේතුව බව ද  කියති.

පොහොර සහ පලිභෝධනාෂක  නොමැතිකමෙන් මේ වනවිටත් කෘෂිකර්මයට සිදුවී ඇති විනාශය අති විශාල බව ද ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත්, රෝහණ පුෂ්පකුමාර මහතාගේ ඉල්ලා අස්වීම ගැන රජයෙන් මේ වනතෙක් කිසිදු දැනුම් දීමක් සිදු වී නැත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *