|

පොහොර – රසායන ද්‍රව්‍ය තහනම “සිලෝන් ටී” අභිමානවත් නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් තුරන් කරනු ඇත – රජිත් කීර්ති තෙන්නකෝන්

පොහොර – කෘෂි රසායන නැති ‘කාබනික තේ’ ජනප්‍රිය සටන් පාඨයකි.  ප්‍රායෝගිකව කිසි ලෙසකින් හෝ ජය ගත නොහැකි ඉලක්කයකි.  රසායනික පොහාර – කෘමි, දිලීර, වල් නාශක තහනම් කිරීම ශ්‍රී ලංකාව සතු සුවිශේෂතම හා මිල කළ නොහැකි ‘ශ්‍රී ලංකා  තේ සන්නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් අහෝසි කිරීමට හේතු වනු ඇත.

ගහෙන් ගෙඩි ඒන්නා සේ එකවරම සියළුම රසායනික පොහොර ආනයක තහනම් කිරීම වැරදි, අන්තගාමී තීරණයකි.  2021 ලංකාවේ සමස්ථ පොහොර අවශ්‍යතාවය මෙ.ටොන් 1,230,031.09 යැයි ගණන් බලා තිබුණි.  පොහොර ටොන් ලක්ෂ 12 කට කාබනික ආදේශක සෙවීම කළුනික සෙවීම හා සමාන වැඩකි.  සියළුම කෘෂි නිෂ්පාදනයන්ට මරු පහරකි.

එක රැයකින්, එක් සතියකින් එම පොහොර අවශ්‍යතාව, කාබනික පොහොර ලෙස සපයා ගැනීම වැනි හීනයක් සාමාන්‍ය යෙන් උණ සන්නිපාත ලෙඩුන්ට වත් පෙනෙන්නේ නැත!

එක රැයකින්, එක් සතියකින් එම පොහොර අවශ්‍යතාව, කාබනික පොහොර ලෙස සපයා ගැනීම වැනි හීනයක් සාමාන්‍ය යෙන් උණ සන්නිපාත ලෙඩුන්ට වත් පෙනෙන්නේ නැත!   

පොහොර ආනයනය සඳහා වන වියදම ඩොලර් මිලියන 400 ක මුදලකි. නමුත්, පොහොර අමුද්‍රව්‍යයකි.  ආයෝජනයකි. අමුද්‍රව්‍ය නැති කල නිෂ්පාදනය අඩු වේ. බිඳ වැටේ.

අද මගේ ගමේ බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ කිසිම තැනක තේ තවාන් සඳහා යොදන ටී – 65 පොහොර නැත.  තවාන් පොහොර නැතිව සාර්ථක තේ තවානක් කළ හැකි ආකාරය තේ පර්යේෂණ ආයතනය තබා නාථ දෙවියන් හෝ තවමත් තේරුම් කර දී නැත. තේ තවානට නිසි පෝෂණය නොලබන විට තේ පැලය ද, එයින් හැදෙන තේ ගස ද බාල වේ.  එහි හානිය වසර 40 ක් පුරා පවතින්නේය.

රිකිලි තේ පැල වගා බිමේ සිටවූ පසුව වසර 3 ක් ටී – 200 පොහොර යෙදිය යුතුය.  වසර තිහක් මාගේ තේ වගා අත්දැකීම ටී -200 පොහොර නිසි යෙදවීමක් නොමැති නම්, තේ පදුරේ අස්වැන්න ජිවිත කාලය පුරාවටම අඩුවන බවය. පසුගිය වසර තුනේ තේ වගා කළ සියළු දෙනා ද ඒ අනුව අමාරුවේය.

ලංකාවේ තේ හෙක්ටයාර 265,000 ක් තිබේ.  තේ හෙක්ටයාරයකට පොහොර (වර්ග සියල්ලම) ටොන් 1.2 සිට 1.5 දක්වා යෙදිය යුතු බවට නිර්දේශිතය. ඒ අනුව, තේ සඳහා අවම පොහොර අවශ්‍යතාව ටොන් ලක්ෂ 3.1 කි.  ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 310 ක් පමණ වේ.  එයින්, 75% ක් කුඩා තේ වතු හිමියන්ගේ රිකිලි තේ වගාව ය.  රිකිලි තේ ගස සකස් කොට ඇත්තේ නිශ්චිත කාල රාමුවකට පොහොර ලබාදී උපරිම අස්වැන්නක් ලැබීමට ය.  කාබනික පොහොර වලින් පමණක් වානිජ්‍යමය සාර්ථකත්වයක් සහිතව සිදු කළ හැකි කිසිදු කොලෝනයක් ලංකාවේ නැත! දළු අස්වැන්නේ ප්‍රමාණය අනුව වසරකට තේ අක්කරයට යෙදිිය යුතු පොහොර පිළිබඳ උඩරට, මැදරට, පහතරට වගා ආශ්‍රිතව දශක ගණනාවක් පර්යේෂණ කර ඇත.  ඒ අනුව, ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් කොට්ඨාශයට යෙදිය යුතු පොහාර ප්‍රමාණ ගණනය කර නිර්දේශ කර ඇත. කාබනික පොහොර මගින් පමණක් තේ වගාව සිදු කළ හැකි යැයි කිසිවෙකු කියන්නේ නම්, මේ පර්යේෂණ සිදු කළ , නිර්දේශ කළ විද්වතුන්/පර්යේෂකයින් රටක් නොමග යැවූ ‘ද්‍රෝහීන් විය යුතුය!  තකතීරු අමනයින් විය යුතුය.

කාබනික පොහොර මගින් පමණක් තේ වගාව සිදු කළ හැකි යැයි කිසිවෙකු කියන්නේ නම්, මේ පර්යේෂණ සිදු කළ , නිර්දේශ කළ විද්වතුන්/පර්යේෂකයින් රටක් නොමග යැවූ ‘ද්‍රෝහීන් විය යුතුය!  තකතීරු අමනයින් විය යුතුය. 

ලංකාවේ තේ අලෙවි ආදායම රු. බිලියන 320 ඉක්මවයි.  2021 ජනවාරි – අප්‍රේල් තේ ආදායම රු. බිලියන 81.27 කි. අපේ ආර්ථිකයේ පණ ගැට ගැසී ඇත්තේ තේ නිශ්පාදනය මත ය.  කොරෝනා නිසා ලොව පුරා තේ සඳහා වන ඉල්ලුම වැඩිවී තිබේ. පොහොර හා කෘෂි රසායන පමණකින් පවත්වාගෙන යන තේ වගාව විනාශවීම ආනයන ආර්ථිකයට පමණක් නොව කුඩා තේ වතු හිමියන්, වතු කම්කරුවන් හා වතු ආශිත ආර්ථිකයට සෘජුව බලපෑමක් ඇති කරයි.

තේ පර්යේෂණ ආයතනය, කුඩා තේ වතු අධිකාරිය, තේ මණ්ඩලය, කෘෂි නිලධාරීන් කිසිවෙකුත් තේ තවානේ සිට එක් එක් පියවර දී, එක් එක් සෘතුවේ දී රසායනික පොහොර , රසායන නැතිව වගාව පවත්වාගෙන යන්නේ කෙසේ දැයි කියන්නට දන්නේ නැත.

උදාහරණයක් ලෙස මේ වැසි සමයේ දින 7-10 අතර දී තේ දළු නෙළිය හැකිය.  නමුත්, දැන් දින 12 යන තෙක්ම දළු හැදෙන්නේ නැත. තේ ගසේ ඇත්තේ කහ පැහැති කොළ පමණී.  ඒවා අතින් කඩන්නට නොව පිහියකින් කපන්නට ඕනෑය!

මේ වන විට නිරිත දිග මෝසම් කාලය සක්‍රීය වී ඇත. වැසි සමයේ උඩරට තේ ගස්  මිදුම/අධික වැසි තත්වයෙන් බේරා ගැනීමට  කෝපර් (කෝපර් ඔක්සි ක්ලෝරියිඩ්, කෝපර් හයිඩ්‍රොක්සයිඩ්) අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති වූ විට තේ ගසේ කොළ ‘බුඹුුළු අංගමාරය‘ ට ලක් වෙයි.  වැසි සමයේ උඩරට තේ වගාවේ ‘බුබුළු අංගමාරය‘ දළු අස්වැන්නෙන් 40% ක් දක්වා විනශ කළ හැකි ය.  එක් රසායනයක් නැති කම නිසා උඩරට තේ වගාවෙන් 40% ක අස්වැන්නක් අඩුවන තේ වතු ගැන සිතා බලන්න!

වතු සමාගම් සතුව පොහොර තොග තිබේ.  කුඩා තේ වතු හිමියා පොහොර යොදන්නේ නැති නමුත්, වතු සමාගම් තව කන්න දෙකකට අවම වශයෙන් පොහොර ගබඩා කර ගෙන තිබේ.  මේ තහනම නිසා නන්න්තාර වී ඇත්තේ, කුඩා තේ වතු හිමියන් ය.

2021 වසරේ තේ වගාව සඳහා යුරියා ටොන් 127,046 ක්, MOP 48,760 ක්, සෙල්පේට් ඔෆ් ඇමෝනියා මෙ. ටොන් 42,470 ක්, ගීසරයිට් මෙ.ටොන්  42,410 , ඩයි ඇමෝනියම් සල්ෆේට් මෙ.ටො. 14,235 ක් , සින්ක් සල්ෆේට් මෙ.ටො. 33,675  ,  ජිප්සම්  මෙ.ටොන්  107  ක් ලෙස පොහොර ටොන් 311,703 අවශ්‍ය වන බව පොහොර ලේකම් කාර්යාලයේ ගණනය කිරීම විය. ගැසට් පත්‍රයකින් තහනමක් පනවා කාබනික පොහොරවලට මාරු කරන්නට හදන්නේ පෙහොර මෙ.ටොන් ලක්ෂ තුනක අවශ්‍යතාවය යි.

දේශීය ක්‍රමයට වල් මර්ධනය කළ හැකි යැයි කියා අතුරලියේ රතන හිමියන් යහපාලන ආණ්ඩුවට නියම ලනුවක් දුන්නේය. වකුගඩු රෝග භීතිය වපුරමින් චන්න ජයසුමන ඇතුළු පිරිස එය දේශපාලන ව්‍යාපෘතියක් කර ගත්තේය.  ඒ පිරිසම මේ රටට දැන් පොහොර සම්බන්ධයෙන් දෑතින් බදා දමා ගැනීමට මර තොණ්ඩුවක් දී ඇත.

දේශීය ක්‍රමයට වල් මර්ධනය කළ හැකි යැයි කියා අතුරලියේ රතන හිමියන් යහපාලන ආණ්ඩුවට නියම ලනුවක් දුන්නේය. වකුගඩු රෝග භීතිය වපුරමින් චන්න ජයසුමන ඇතුළු පිරිස එය දේශපාලන ව්‍යාපෘතියක් කර ගත්තේය.  ඒ පිරිසම මේ රටට දැන් පොහොර සම්බන්ධයෙන් දෑතින් බදා දමා ගැනීමට මර තොණ්ඩුවක් දී ඇත. 

පොහොර ආනයනය තහනම් කිරීමත් සමඟ තොග රැස්කර ගත් පිරිස් එවා ඉහළ මුදලට ඒවා විකුණමින් සිටී.  රසායනකින ද්‍රව්‍ය ද එසේමය.  ප්‍රමිතියෙන් තොර වල් නාශක නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් ගෙන්වා ගෙන රට පුරා අලෙවි කිරීමේ ජාවාරමක් මේ වන විට සිදු වේ.  තහනම ජාවාරම්කරුවන්ට, කොමිස්කරුවන්ට ධන උල්පතකි.

රසායනික ද්‍රව්‍ය හා පොහොර නොමැතිව මෙරට තේ වගාව, තේ නිෂ්පාදනය විනාශවීම යනු ශ්‍රී ලංකාව අභිමානයෙන් සියවසක් පවත්වාගෙන යන ‘ශ්‍රී ලංකා තේ‘ සන්නාමය විනාශ වීම ය.  ලෝක ආහාර සංස්කෘතියේ අපේ ධජය අප රටට අහිමිවීමය. 

රසායනික ද්‍රව්‍ය හා පොහොර නොමැතිව මෙරට තේ වගාව, තේ නිෂ්පාදනය විනාශවීම යනු ශ්‍රී ලංකාව අභිමානයෙන් සියවසක් පවත්වාගෙන යන ‘ශ්‍රී ලංකා තේ‘ සන්නාමය විනාශ වීම ය.  ලෝක ආහාර සංස්කෘතියේ අපේ ධජය අප රටට අහිමිවීමය.

දේශීය රසායනික පොහොර අවශ්‍යතාවයෙන් කොටසක් හෝ ගෙන්වීමත්, ප්‍රමිතියක් සහිත කෘෂි රසායනික/දිලීර නාශක සහ අත්‍යවශ්‍ය හෝමෝන වර්ග ආනයනය කිරීම සඳහා වන සීමාවන් ලිහිල් කිරීම අනිවාර්ය වූ අවශ්‍යතාවයකි.  එය සිදු නොවන්නේ නම්, ‘සිලෝන් ටී‘ ‘ශ්‍රී ලංකා තේ‘ සන්නාමය පමණක් නොව සමස්ත කෘෂි කාර්මාන්තය බිඳ වැටීම නොවැලැක්විය හැකි වනු ඇත.

‘ශ්‍රී ලංකා තේ –  සිලෝන් ටී‘ සන්නාමය රැක ගත යුතුය. එසේ නොවේ නම්, ඉන්දියාව, කෙන්යාව, රුවන්ඩාව වැනි රටවල් අපේ තේ වෙළෙඳපොළ පැහැර ගනු ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන් 

දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *