yukthiya

‘‘එතෙර කාබනික පොහොර අපට ඕනේ නෑ‘‘ – පොහොර ආනයන තීරණය රිවස් කිරීම කෘෂිකර්ම ඇමති ” ලංකාදීප” පුවත්පතට කියා ඇති අයුරු !

කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වුවද මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව පොහොර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක්  නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.එළඹෙන මහා කන්නයේ සිට ගොවින්ට අවශ්‍ය කාබනික පොහොර සහනාධාර මට්ටමින් සියළු ගොවි ජනතාවට ලබා දෙන අතර රටට අවශ්‍ය පොහොර දේශීය මට්ටමින් නිෂ්පාදනය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද අලුත්ගමගේ මහතා කියයි.

කාබනික පොහොර ආනයනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සොයා බැලීමට වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ කමිටුවක් පත් කර තිබෙන බව කී අමාත්‍යවරයා පොහොර හිඟයක් සම්බන්ධයෙන් කිසිදු අනිසි බියක් ඇති කරගත යුතු නැතැයිද සඳහන් කරයි

යල සහ මහ කන්න සඳහා හිඟයකින් තොරව පොහොර ලබා දීමට රජය කටයුතු කරන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා විදේශ රටවල කසල කාබනික පොහොර ලෙස ගෙන එන්නට හදනවා යැයි කතාවක් පැතිරීම අමූලික බොරුවක් බවත් මෙරටට විදේශයන්ගෙන් කාබනික පොහොර ආනයනය කරනවා නම් එලෙස ගෙන්වන්නේ ජීවානුහරණය කරන ලද ඉහළම ප්‍රමිතියෙන් යුතු පොහොර බව ද අවධාරණය කළේය .

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *