අදත් කොචිඩ් මරණ 48 ක් ; ආසාදිතයින් 3398 ක් ; අසාදිත සමස්තය ලක්ෂ දෙක අසල

අද දිනයේත් කොවිඩ් ආසාදිත මරණ 48 ක් සහ ආසාදිතයින් 3398 ක් හඳුනාගත් බව රජයේ නිල සංඛ්‍යා ලේඛන කියයි.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1656 කි. ඉන් 1055ක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් 14 දායින් පසු කාලයේ ය.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ දෙකට ආසන්න වී තිබේ. අද සවස් වනවිට එය සටහන් වුයේ 199,242 ක් වශයෙනි. මෙම සංඛ්‍යාවෙන් ද 104,105 ක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් 14 දායින් පසුව ය.

මේ වන විට සති තුනකට වැඩි කලක් සංචරණ සීමා පනවා තිබුන ද, රෝහල් ගතවන රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් දැක ගන්නට නැති බව සෞඛ්‍ය අංශ කියයි. අඩු තරමින් රෝග ව්‍යාප්තිය පාලනය වී ඇද්ද යන්න පවා සැක සහිත බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *