ගෝලීය දෙමළ සංසදයෙන් නව ව්‍යවස්ථාවට යෝජනා

ගෝලීය දෙමළ සංසදය යෝජිත නව ව්‍යවස්ථාව සඳහා ජනතා අදහස් ලබාගැණිමේ කොමිසම වෙත තම යෝජනා ඉදිරිපත් කර ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් යුක්තියට දැන ගන්නට ලැබී ඇත. විශේෂයෙන් සිංහළ බෞද්ධ ආධිපත්‍ය හා බහුතරවාදී මෙන්ම සංවරණ තුළන මූලධර්ම නොමැති 72 සහ 78 ජනරජ ව්‍යවස්ථා දෙක ශ්‍රි ලංකාවේ ජාතික ගැටුම උත්සන්න කරමින් රට අධිකාරිවාදයකට යටත් කළ ආකාරය පෙරවදනින් ඔවුන් පෙන්වා දී තිබේ. ලෝකය පුරා විසිරි සිටින මධ්‍යස්ථ දෙමළ ජනතාවගෙන් සමන්විත ගෝලීය දෙමළ සංසදය පිටු 7කින් යුත් මෙම යෝජනාවලියෙන් පැහැදිළි ලෙස බලය බෙදුණු ආණ්ඩු ක්‍රමයක් යෝජනා කරයි.
නව ව්‍යවස්ථාව සඳහා ඔවුන් ඉදිරිපත් කර ඇති මූලික ප්‍රතිපත්ති වල සාරාශය මෙසේ ය.
■ ප්‍රාදේශිය හා මධ්‍යය යන ආයතන දෙකකින් සමන්විත නිදහස් ස්වෛරී ජනරජයක්
■ ශ්‍රි ලංකා සමාජය බහු වාර්ගික, බහු භාෂාමය, බහු ආගමික වන්නා සේම එහි ඡන්දදායකයින්ගේ අනන්‍යතාවයන්, අභිලාාෂයන් ව්‍යවස්ථාව මගින් පිළිගැනීම.
■ අතීතය පිළිගනිමින් නව ඇරඹුමක් සඳහා අවංකව කටයුතු කිරීම
■ තමන්ගේ භාෂාව හා අනන්‍යතාවයන් සංවර්ධනය කර ගැනීමේ සියලු පුරවැසියන්ට ඇති අයිතිය පිලිගන්නා අතර සංස්කෘතිය දියුණුකර ගැනීමට හා ඉතිහාසය ආරක්ෂා කරගැනීම සහතික කිරීම
■ ව්‍යවස්ථාදායක, පරිපාලන,අධිකරණ හා හමුදාවල ඒ ඒ ජනකොටස්වල නියෝජනය ඇතුලත් කිරීම
■ ජනතාවගේ පරමාධිපති බලය ඇතුලත් මූලික ව්‍යවස්ථාමය මූල ධර්මයන් මත නව ව්‍යවස්ථාව පදනම්වීම හා ප්‍රාදේශිය පාලන බලය දරන සුළු ජන කොටස් වල කැමැතියෙන් කොරව ව්‍යවස්ථා ව්‍යුහය වෙනස් කළ නොහැකිවන ආකාරයේ විධිවිධාන සැළසීම. ව්‍යවස්ථාව උත්තරීතර වීම.
■ නීතියේ පාලනය
■ නියෝජන සහ සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය, මානව ගරුත්වය, සමාජ සාධාරනත්වය, නිදහස සහ මූලික අයිතින් වැඩි දියුනු කිරීම.
■ මරණ දඬුවම අහෝසි කිරීම.
■ වාර්ගික, ආගමික හා ලිංගික සමානත්ව ය.
■ සියලු මට්ටමෙ මහජන ආයතන සඳහා කාන්තා නියෝජනය 1/3 වෙන් කිරිම
■ කැබිනට් ඇමතිවරුන්ගෙන් සමන්විත විධායකයක් සහිත පාර්ලිමේතු ක්‍රමයක්
■ බලය බෙදිය යුතු අතර අධිකරණය විධායකයෙන් වෙන් කිරීම හා ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීම.
■ සිංහල, දෙමල හා ඉංග්‍රිසි නිළ භාෂා වීම
■ ශ්‍රි ලංකා ජනරජය අනාගමික විය යුතු ය.
■ නොබෙදුණු ශ්‍රි ලංකාව තුළ බල පංගු කාරිත්වයක් මෙන්ම බල හවුල් කාරී ආණ්ඩු ක්‍රම ව්‍යහයක් සකස් කිරීම
මෙයට අමතරව ඒකීය රාජ්‍යයක් වෙනුවට එක්සත් රාජ්‍යයක් විය යුතු බව ගෝලිය දෙමල සංසදය යෝජනාකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *