ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ගන්නට පුළුවන්-නීතිඥ හාර්වඞ් වානි

විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ පසු ගැටුම් තත්ත්වය ගැන කටයුතු කර මට යම්කිසි අත්දැකීමක් ඇත. නීතිය පදනම් කරගෙන දකුණු අප්‍රිකානුවන්ගේ ගැටුම් නිරාකරණය කරන්නට මා උත්සාහගෙන තිබේ. සාමාන්‍යයෙන් සංක්‍රාන්තික යුක්තියේ ප්‍රවේශයක් දෙකක් ඇත. එයින් පළමුවැන්න මානව අයිතිවාසිකම් ප්‍රවේශය වේ. එය ලිබරල් දේශපාලන ප්‍රවේශය ලෙස ද ඇතැමෙක් හඳුන්වති. අනික් ප්‍රවේශය වන්නේ ආගමික ප්‍රවේශය වේ. නීතිය පදනම් කරගෙන සංක්‍රමණීය යුක්තිය හා යළි සමගි කිරීම අයත් වන්නේ ලිබරල් දේශපාලන ප්‍රවේශයට ය. ඒ අනුව නීතිය අනුව යුක්තිය ඉටුකිරීම තුළින් යළි සමගි කිරීමට අපේක්ෂා කෙරේ. මක්නිසා ද යත් දීර්ග කාලීන විනාශකාරි යුද්ධයකින් අනතුරුව සැමට ගරුත්වය යටතේ සමාජය යළි ඒකාබද්ධ කිරීම සරළ දෙයක් නොවේ. ඒ සියල්ල මා කළේ දකුණු අප්‍රිකානු රජය වෙනුවෙනි. අනාගත පරපුර වෙනුවෙන් විමර්ශන ආරම්භ කරන ලෙසයි ජනාධිපති මැන්ඩෙලා අපිට උපදෙස් දුන්නේ. වසර 5ක් පමණ මේ කටයුත්තේ නියැලුන අපි සියලුම දෙනා ඒ කටයුතු වලින් විශාල අත්දැකීමක් ලැබුවෙමු. සතුටු වියහැකි අත්දැකීම් පමණක් නොව අමිහිරි අත්දැකීම් ද මේ අතර තිබුණි. සත්‍ය හා ප්‍රතිසංධානය පිළිබඳ කොමිසමේ කටයුතු දකුණු අප්‍රිකාව පරිවර්තනය කිරීමට සමත්විම අප ලැබූ ධනාත්මක අත්දැකීම වේ. කෙසේ නමුත් ඒ තුළ තිබූ අමිහිරි අත්දැකීම්වල අතුරු බිතුරු තවමත් දක්නට තිබේ. පලිගැනීමේ සිතට සහනයක් ලබාදෙන චුදිතයින්ට දඩුවම් පැමිණවීම මගින් වින්දිතයින්ගේ සිතට සහණයක් ලැබෙන මානවහිමිකම් ප්‍රවේශයට චූදිත පාර්ශවය විරෝධය දැක්වීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන්ම මානව අයිතීන් උල්ලංඝනය කිරීම් විභාග කිරීමට ගන්නා අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට ඒ අය කැමති වන්නේ නැත. කෙසේ නමුත් අඩුපාඩුකම් සහිතව හෝ ඒවා විසඳාගෙන සමස්ථයක් ලෙස ගත්කළ සත්‍ය හා ප්‍රතිසන්ධානය තුලින් විශාලම සාර්ථකත්වය ලැබූ රට දකුණු අප්‍රිකාව යන්න අවිවාදිත ය.
කෙසේ නමුත් මෙවැනි ක්‍රියාමාර්යකට ආදර්ශය සැපයූවේ ලතින් ඇමරිකානු රටවල් ය. ලතින් ඇමෙරිකානු කලාපයේ පැවති ඒකාධිපති මිලිටරි ආණ්ඩු සමග ඇතිකරගත් ගැටුම් තුළ මානවහිමිකම් නීතිඥයෝ ඒ රටවල බලවත් මැදිහත්වීමක් කළ හ. පළමු සත්‍ය සෙවීමේ කොමිසම ආරම්භ වූයේ 1980 දී ආර්ජන්ටිනාවෙනි. සංක්‍රින්තික යුක්තියේ පරමාර්ථය වන්නේ සිදුවුණු ආකාරයේ ඛේදනීය තතත්ත්වයක් නැවත ඇතිවීම වලක්වා ගැණිම ය. එසේ කරන්නට නම් සිදු වූ වැරදි මොනවා ද යන්න ප්‍රථමයෙන් හඳුණාගත යුතුව තිබේ. මෙයට පසුබිම් වූ කරුණු මොනවා ද යන්න නොදන්නේ නම් එය සාර්ථක වන්නේ නැත. ලතින් ඇමෙරිකාවේ මෙන්ම දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම් මේ වැදගත් කටයුත්ත මනා ලෙස ඉටුකර තිබේ. ඔවුන් සොයාගත් තොර තුරුවලට අනුව සමාජ කොටස් මෙන්ම රජය හා රාජ්‍ය ආයතන මානව හිමිකම් කඩකර තිබේ. ඒ නිසා මේ එවැනි ගැටුම් ඇති වූ රටවල් මේ ආයතන නැවත ප්‍රතිසංස්කරණය කළයුතුව තිබේ. දකුණු අප්‍රිකාව එය ඉතාමත් හොඳින් ඉටුකළ රටක් වශයෙන් හදුන්වන්නට පුළුවන. යළි සමගිවීම සහ නැවත ඒකාබද්ධතාවය ඇතිකර ගැනීමේ දෙවැනි ප්‍රවේශය වූයේ ආගමික ප්‍රවේශය වේ. මෙහිදි වැදගත් සිවිල් නායකයන් ලෙස ගත් කළ ඩෙස්මන්ඞ් ටුටු පියතුමාගේ නායකත්වය ඉතාම වැදත්විය. මෙම ප්‍රවේශය තනිකරම ප්‍රතිසන්ධානය මත රඳාපවතින්නකි. අධිකරණ ක්‍රියාවලියක් හරහා දඬුවම් පැමිණවීමේ හෝ පළිගැණිමේ චේතනාවක් මෙහි නැත. චූදිතයා තමන් කළ වරද ගැනපසුතැවිල්ලට බඳුන්වීම සඳහා මානසික පසුබිම මෙහිලා සකස්කර ගන්නේ ය. වින්දිතයා විසින් චූදිතයාට සමාව දීම දක්වා මේ ක්‍රියාවලිය දිග හැරේ. අද අපි ගන්නා මේ පිවරයන් අපිට භුක්ති විදින්නට නොලැබෙන්නට පුළුවන. එහෙත් එය අනාගත පරම්පරාව වෙනුවෙන් කළ යුතු බවයි ටුටු පියතුමා සඳහන් කළේ.
දේශපාලන සහ සමාජ ප්‍රතිසංස් කරණ කටයුතු ඉදිරියට යන විට ප්‍රතිවිප්ලව ඇති කිරීමේ උත්සහායන් පවතින බව දකුණු අප්‍රිකාවේ අත්දැක තිබේ. පැවති හමුදාව ප්‍රතිසංස්කරණ පමණක් නොව මැතිවරණය ද තමන්ට ඕනෑ ආකාරයට මෙහෙයවන්නට උත්සාහ දැරු අවස්ථාවන් තිබුණි. එහෙත් සිවිල් සමාජ බලවේගයන්ගේ මැදිහත්වීම එවැනි උත්සහායන් ව්‍යර්ථවී යෑමට බොහෝ සෙයින් හේතුවි තිබේ.
කෙසේ නමුත් ලංකවේ සිදුවමින් පවතින සංක්‍රමණිය යුක්තිය හා ප්‍රතිසංධාන ක්‍රියාවලියට දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ඉතා වැදගත් ය. එම අත්දැකීම් ඒ ආකාරයටම ශ්‍රි ලංකාවට පටවන්නට නොහැකි බව ද ඒ සමගම වටහාගත යුතු ය. දකුණු අප්‍රිකාවේ තිබුණේ සුළුතරය විසින් බහුතරය යටපත්කරගෙන සිටීම ය. ලංකාවේ පවතින්නේ බහුතරය විසින් සුළුතරය යටපත්කර තබාගැනීමේ උත්සහායකි. ඒ නිසා ලංකාවේ අභියෝගය වී තිබෙන්නේ බහුතරයට යුක්තිය ඒත්තු ගැන්වීම ය. සුළුතරය කල්පනා කරන්නේ භයානක අපරාධ කළ අයව වගවීමට භාජනය කළයුතු බව ය. ශ්‍රි ලංකාව රාජ්‍ය මූලධර්ම වලට එකගව කටයුතු කරන බවට ජාත්‍යාන්තරය ඉදිරියේ පොරොන්දු වී තිබේ. එහෙයින් දැන් අවශ්‍ය වන්නේ ඒකට තල්ලුවක් දීම ය. මෙහිදි ව්‍යවස්ථා සාරධර්ම සැළකිල්ලට ගතයුතු වේ. එහිදි සියලුම පක්ෂ මේ පිළිබඳ එකගත්වයක් තිබිම ඉතා වැදගත් ය. මොන මතිමතාන්තර තිබුණත් දකුණු අප්‍රිකාවේ සියළුම දේශපාලන පක්ෂ මේ ව්‍යවස්ථා මූල ධර්මවලට අනුව කටයුතු කරන්නට එකග විය. ව්‍යවස්ථා මූලිධර්ම යනුවෙන් හඳුන්වන්නේ නීතියේ ආධිපත්‍යය, බලය බෙදීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනාදිය වේ. ඒ නිසා මුලික ව්‍යවස්ථා මූල ධර්ම මොනවාද යන්න තීරණය කරගත යුතුව ඇත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දී එකී මූලධර්ම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *