අතුරුගිරිය – කැළණි පාලම ගුවන් මාර්ගය ඉදිකිරීමත් අයිතියත් චීන සමාගමකට

අතුරුගිරියේ අධිවේගී පිවිසුමේ සිට කැළණි පාලම දක්වා වන ගුවන් පාලම ඉදිකොට වසර 18 ක් අයිතිය දැරීම සඳහා චීන සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

මෙම මාර්ගය ලබාදෙන්නේ කොළඹ වරාය  නගරයේ ඉදිකිරීම් කටයුතු කරන චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට ය.

බී ඕ ටී හෙවත් ඉදිකොට මෙහෙයුම් කොට භාරදීමේ පදනම යටතේ ඉදිවන මෙහි අයිතිය වසර 18 ක් සඳහා චීන සමාගමට හිමිවෙයි. එම කාලයේ මාර්ගයේ ගාස්තු අයකිරීම චීන සමාගම මගින් සිදුකරනු ඇත.

එම කාලයෙන් පසුව මාර්ගයේ අයිතිය ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ය.

මෙම මාර්ගයට සම්බන්ධ කොට තවත් මාර්ගයක් කැළණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා ඉදිකිරීමට ද සැලසුම් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *