වීල් බැරෝවක් රැගෙන කඩේ ගිය අයෙක් අත් අඩංගුවට

වීල් බැරෝවක් රැගෙන ගෙදරට බඩු ගෙන්න ගිය අයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට වන චෝදනා මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ ඔහු මුව ආවරණයක් පැළඳ නොසිටි බව කියමිනි.

අලුත්ගම ධර්ගා නගරයේ දී මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට තිබිණි.

අද දිනයේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැනීම සඳහා නිරෝධායන නීති ලිහිල් කොට තිබුන ද වාහනවලින් යාම තහනම් කොට තිබිණි. එසේ වුව ද එම නීතිය කඩ කරමින් බොහෝ දෙන වාහනවලින් ගියේ සතියකට අවශ්‍ය අහර ද්‍රව්‍ය කරේ ගෙන ය නොහැකි බව කියමිනි. එම ගමන් ඇතැම් තැන්වල නවත්වනු ලැබුව ද පාලනය කිරීමට පොලිසියට හැකි වුයේ නැත.

ඒ අතර ඇතැමුන් වීල් බැරෝ රැගෙන යනු දක්නට ලැබිණි.

එක වරක දී භාණ්ඩ රැගෙන යා නොහැකි නිසා ඇතැම් නිවැසියන් කිහිප වරක් වෙළෙඳපොළට යාම නිසා තදබදය තවත් වැඩි වූ බව අපේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *