ඊයේ කොවිඩ් මරණ වාර්තාව 33 යි; ආසාදිතයින් 2970 යි

ඊයේ දිනය තුළ වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 33කි. එයින් මරණ 5 ක් ඊයේ සිදු වූ ඒවා බවත්, 28 ක් මැයි 17 – 22 අතර සිදු වූ බවත්, රජයේ නිවේදනයේ සඳහන් ය.

මෙම වාර්තා අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1243 කි.

අලුතින් කොවිඩ් ආසාදිතයින් 2971 ක් ද ඊයේ හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 167,171 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස වාර්තා වන්නේ නිල සංඛ්‍යා ලේඛන අනුව තත්ත්වය යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *