පයිං ගිහිං බඩු ගැනීමේ තීන්දුව විකාරයක් – ඩිලාන් පෙරේරා

පයිං ගිහිං බඩු ගැනීමේ තීන්දුව විකාරයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලයිස්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ අද (24) හිරු රූපවාහිනී නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනට එක්වෙමිණි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ඩිලාන් පෙරේරා…

“හෙට දිනයේදී මිනිස්සුන්ට බඩු ගන්න අවස්ථාව ලබලා දීලා, වාහනයක බඩු ගන්න සුපර් මාර්කට් එකකට යන්න එපා කියන එක මටත් තේරෙන්නේ නැහැ. මමත් පිළිගන්නවා, හෙට දිනයේ මිලදීගැනීම සඳහා අවසර ලබාදෙන ගමන් පයින් ගිහිල්ලා අවශ්‍ය බඩු ටික අරන් වරෙන් කියලා කියපු එක ටිකක් විකාර ස්වරූපයේ ප්‍රකාශයක්.

දවසක් මේ දීල තියෙන්නේ අත්‍යාවශ්‍ය ආහාර ටික ගන්නනම්, අත්‍යාවශ්‍ය මාළුටික ගන්නනම්, අත්‍යාවශ්‍ය මස් ටික ගන්නනම්, බෙහෙත් ටික ගන්නනම් ඒ ටික එයා අරගෙන කර තියාගෙන එන්න බැහැනේ. ත්‍රීවීලර් එකක වාහනයක ගිහින් මේ ටික ගන්න ඕනා.”

LANKATRUTH

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *