“කොවිඩ් ගැන කලබල වෙන්න එපා, ඉබේ ම අවසන් වෙනවා” – ආණ්ඩුවේ ව්‍යාපාරිකයෙක් ආණ්ඩුවට ලනුවක් දීලා !

කොරෝනා මර්දනයට පමණට වඩා වෙහෙස වීම අවශ්‍ය නැති බවත්, එය ඉබේ ම තුරන් වී යනු ඇති බවත්, මේ රජයට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකු ආණ්ඩුවේ ප්‍රබලයින්ට උපදෙස් දී තිබු බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කොවිඩ් වර්ගයේ මෙම වෛරස පැතිරී ටික දිනකින් ඉබේ විනාශ වී යන බව මෙම ව්‍යාපාරිකයා තම පරීක්ෂණ වල සොයාගැනීමක් ලෙස පෙන්වා දී ඇතැයි කියති.

ඔහු කියා ඇත්තේ මෑත කාලයේ මීට පෙර අවස්ථා හයක දී කොරෝනා වෛරස ලෝකයට පැමිණ පැතිරී ගිය නමුත් වසරක් ගතවන විට එය ඉබේ ම තුරන්ව ගිය බව යි. ඒ සඳහා කිසිදු එන්නතක් අවශ්‍ය නොවන බව ද ඔහු ප්‍රකාශ කොට ඇත.

ඒ අනුව. පසුගිය වසරේ මාර්තු මාසයේ පැතිරී ගිය කොවිඩ් 19 වෛරසය මෙම වසරේ මාර්තු අප්‍රේල් වන විට ඉබේ තුරන්ව යන බව ඔහු නැවත නැවත ප්‍රකාශ කොට තිබේ.

අවුරුදු කාලය වනවිට ආණ්ඩුව අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්තියට මෙන් ම, ‘ඉටුකම’ ගිණුමේ මුදල් තිබිය දීත් කොවිඩ් මර්ධනයට අවශ්‍ය වෙන්ටිලේටර් ආදිය මිල දී නොගැනීමටත් මෙම ව්‍යාපාරිකයාගේ අදහස් බලපාන්නට ඇති බව කියති.

ආණ්ඩුවට ඉතා හිතවත් ව්‍යාපාරිකයකු වන මොහු මේ ආණ්ඩුව පැමිණි පසු ඔහුගේ ව්‍යාපාරික කටයුතු විශාල ලෙස පුළුල් කරමින් සිටින්නකු බව කියති. දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාර ගණනාවක් මෑත කාලයේ මොහු විසින් මිල දී ගනු ලැබ ඇත.

විවිධ විවාදාත්මක ගනුදෙනු සම්බන්ධයෙන් මොහුගේ නම නිතර කතා බහට ලක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *