ඊයේ කොවිඩ් මරණ 32ක් ; 27 ක් කලින් මරණ ; ආසාදිතයින් 2945 ක්

ඊයේ දිනයේ කොවිඩ් රෝගී මරණ 32 ක් වාර්තා  වී ඇත. එයින් 27 ක් අප්‍රේල් 23 න පසුව පෙරේදා දක්වා කාලය තුළ සිදු වූ මරණ බව රජය වාර්තා කරයි. එම මරණ මෙතෙක් කොවිඩ් මරණ ගණනට ඇතුළත් කොට නොතිබිණි.

මේ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1210 කි . මෙයින් මරණ 600 ක් ම පසුගිය අවුරුදු නිවාඩුවෙන් පසු සිදු වූ ඒවා වෙයි.

ඊයේ දිනය තුළ වාර්තා වූ නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2945 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 164,187 කි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අංශ කියන්නේ මෙම සංඛ්‍යා සම්පුර්ණ සත්‍ය වාර්තා නොවන බව සහ සැබෑ ආසාදිත සංඛ්‍යාව මීට වැඩ බොහෝ වැඩි බව යි.

ආසාදිතයින් සහ මරණ සම්බන්ධ මෙම වාර්තා නිකුත් කරනු ලබන්නේ යුද හමුදාවේ විශේෂ ඒකකයක් මගිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *