විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට හා බිරිඳට කොවිඩ්

විපක්ෂනායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමුකර ඇති බව දැනගන්නට ඇත.

සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් සඳහා එන්නත් තවමත් ලබා නොගත් බව පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එන්නත් ලබාදීමේ ප්‍රමුඛතා වැඩ පිළිවෙලක් රජය මුල් අවස්ථාවේ ම ක්‍රියාත්මක කළේ ය.

ඒ අතර ඇතැම් දේශපාලඥයන් රණසේ විදේශවලින් ගෙන්වාගෙන සියල්ලන්ට පෙර හොඳ ම එන්නත් ලබාගෙන ඇති බවට ද ආරංචි පැතිර යමින් පවතියි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *