අවන්ගාඩ් සේනාධිපතිට තවත් නඩු 36 ක් !

ගාලු වරායේ නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙන ගියේ යයි පවරා  තිබු නඩුවෙන් අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා නිදහස ලැබුව ද ඔහුට එරෙහිව තවත් නඩු 36 ක් විභාගයේ පවතින බව වාර්තා වෙයි.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් විවිධ චෝදනා යටතේ වෙන වෙන ම මෙම නඩු පවරා ඇති බව කියති

.ඉදිරි කාලයේ වරින් වර මෙම නඩු විභාගයට ගැනීමට නියමිතව ඇත.

නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙන යන ලද බවට  පවරා තිබු නඩුවෙන්  නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පසුගියදා තීරණය කළේ අවි ගබඩාව පවත්වාගෙන යාමට නිශ්ශංක සේනාධිපති සතුව නීත්‍යනුකුල බලපත්‍රයක් තිබු බව පිළිගනිමිනි. එම බලපත්‍රය නීති විරෝධී බව ඔප්පු කිරීමට නීතිපති වරයා කරුණු දක්වා නැති බව අධිකරණයේ තීරණය වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *