කොවිඩ් දිනක මරණ වාර්තාව 44 ට නගී : අලුත් ආසාදිතයින් 3547 ක්

ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛන අනුව ඊයේ දිනයේ අලුතින් වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 44 කි.

ඒ අනුව මෙරට කොවිඩ් නිසා මියගිය සමස්ත ආසාදිත සංඛ්‍යාව 1132 ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් නිසා වෙනත් රෝග උත්සන්න වීමෙන් මියගිය සංඛ්‍යා මෙයට ඇතුළත් නැත.

ආණ්ඩුව නිල වශයෙන් වාර්තා කළේ ඊයේ හමු වූ ආසාදිත සංඛ්‍යාව 3547 ක් වශයෙනි. කෙසේ වෙතත් , සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ එමෙන් තුන් ගුණයක් ආසාදිතයින් රට තුළ සිටින බව විශ්වාශ කළ හැකි බව යි.

මේ වනවිට රෝගීන්ගේ ආශ්‍රිතයින් පී සී ආර් පරීක්ෂාවන්ට ලක් කිරීම ද සිදු නොවන බව ප්‍රාදේශීය වාර්තා කරුවෝ කියති . එබඳු නිශ්චිත තොරතුරු රාශියක් අපට වාර්තා වී ඇත.

නිරෝධායනය වන පවුල්වලට මේ වනවිට රජයෙන් කිසිදු ආධාරයක් ද ලබා නොදෙන බව ද වාර්තා වෙයි.

රෝග ලක්ෂණ නැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රැඳවීම මේ සතියේ අරඹන බව රජය ප්‍රකාශ කළ ද, මේ වන විටත් දහස් ගණනක් නිවෙස්වල රඳවා ඇති බව අපගේ වාර්තා කියයි. මෙය සති කිහිපයක සිට සිදුවන අතර ඇතැම් රෝගීන්ගේ නිරෝධායන කාලය ද මේ වනවිට අවසන්ව ඇත.

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 158.333 ක් බව  ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *