ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු දෙනා නිදොස් කොට නිදහස් කෙරේ


මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද  නියෝග කළේ ය.

ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව එම තීන්දුව ලබා දී තිබේ.

වීත්තිකරුවන්ට එරෙහිව නගා තිබු චෝදනා කිසිවක් ඔප්පු වී නැතැයි යන පදනමෙන් මෙම තීන්දුව දී තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර, නන්දන දියබලනගේ, නිලුපුල් කොස්තා , ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් දිසානායක, ඇල්ප්‍රඩ් තිලකරත්න සහ අදාල නැවේ කපිතාන් ලෙස කටයුතු කළ යුක්රේන ජාතික ගෙනඩි ග්‍රැබ්රි ලෝජ් යන අය ද නිදොස් කොට නිදහස්  කර ඇත

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *